(යොහාන් භාසුර)

උද්ඝෝෂණ මර්දනය කිරීමට කල්ඉකුත්වූ සහ විෂ සහිත කඳුළු ගෑස් ප්‍රහාර යොමුකිරීම පිළිබඳව තොරතුරු ඉල්ලීමට අදාලව යොමුකළ අභියාචනය අද (14) පස්වරුවේ තොරතුරු කොමිෂන් සභාවේදී කැඳවීමට නියමිතය.  

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි තොරතුරු කොමිෂන් සභා කාර්යාලයේදී එම අභියාචනය නැවත කැඳවයි.

එම කොමිසමේදී මීට පෙර එකඟ වූ පරිදි පොලිසිය දුන් තොරතුරුවල ද ව්‍යාජ තොරතුරු ඇතුළත් වීම නිසා අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සමාජ ක්‍රියාකාරීහූ පවසති.