බිඟුන් මේනක ගමගේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) වගන්තියට අනුව ජනාධිපතිවරයාට කාල සීමාවකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇතැයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා කීය.
19 වැනි සංශෝධනය අනුව වසර හතරකුත් මාස හයක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්නට බලයක් නැතැයි 70 (1) වගන්තියෙන් ව්‍යවස්ථා සීමාවක් පනවා ඇතත් ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) වගන්තිය මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්නට යළි බලය ලබා දී ඇත යන්න තමාගේ මතය යැයි ජයතිස්ස ද කොස්තා මහතා අවධාරණය කර කීය.
19 වැනි සංශෝධනය කඩිමුඩියේ සම්පාදනය කිරීමෙන් ව්‍යවස්ථාමය නිරවුල් බවට හානි පැමිණ ඇතැයි කී ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා මහතා මෙම කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවරණයට ලක්කර ගත යුතුව ඇතැයි ද පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල හා ඉංග්‍රීසි භාෂා පිටපත්වල අර්ථ දෙකක් අදහස් වන පරිදි සම්පාදනය කර තිබීම ගැන මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි ද 19 වැනි සංශෝධනය සකස් කළ පිරිස් තමාටම දොස් පවරා ගත යුතුව ඇතැයි ද ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කාල සීමාවකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා