(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

බීමත්ව කලහකාරී ලෙස  හැසිරෙමින් මහනුවර ශ්‍රී දළදා මාලිගා පොලිස් ස්ථානයට යාබදව පිහිටි උඩරට කලා සංගම් ශාලාවේ බාහිර බිත්ති වල ප්‍රදර්ශනය කර තිබු ඡායාරූප නමයකට පහර දී දැඩි ලෙස අලාභානි සිදු කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය  බලකායේ කොස්තාපල්වරයෙකු දළදා මාලිගාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පොලිස් විශේෂ කාර්ය  බලකායේ ගම්පොල කඳවුරේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙම කොස්තාපල්වරයාඋඩරට කලා සංගම් ශාලාවේ පසුගියදා යුද හමුදා නිළධාරියෙකු සමඟ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.