(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වයිරසය පාලනය කර ඇති බවට රජය පැවසුවත් කොරෝනා හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරියගේ දිස්ත්‍රික්කයේ මැතිවරණ රැළියක් පැවැත්වීමටවත් විපක්ෂයට අවස්ථාවක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹදී අද(21) පැවසීය.
කොලේ වසා ජනතාව බිල්ලට දෙමින් මැතිවරණ පවත්වනවා වෙනවට රටට සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක මහතා මෙසේද කීවේය.
කුරුණෑගල නගරයේ පිහිටි තුන්වන බුවනෙකබාහු රජතුමාගේ රාජ මණ්ඩපය විනාශ කිරීම සමගි ජන බලවේගය විදියට අපි තරයේ හෙළා දකිනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා නීතිය ක්‍රියාත්මක කරන බවට අගමැතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා. තමන් දිස්ත්‍රික් නායකයා විදිහට කුරුණෑගල නගරාධිපති වරයාගේ මයිල් ගහකටවත් තුවාල වෙන්න දෙන්නෙ නෑ කියලා කියල අනික් පැත්තෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අපි දන්න නීතිය අනුව පුරා වස්තුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔහු අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපි පොලිස්පතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සමඟි තරුණ බලවේගය ලෙස මේ පිළිබඳ පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත් කටයුතු කරනවා.
කොරොන රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් රජය සජිත් ප්‍රේමදාස මහතාගේ පැල්මඩුල්ල රැස්වීම් අත්හිටුවලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරියත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් කොරෝනා නැහැ කියලා කියනවා. කොරෝනා නැත්නම් ඇයි සෞඛ්‍ය අමාත්‍යවරිය සිටින දිස්ත්‍රික්කයේ රැස්වීම් අත්හිටුවන්නේ කියලා අපි මේ රජයෙන් අහනවා.
කරුණාකර කොරෝනා රෝග ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තත්ත්වය රටට හෙළි කරන්න කියලා අපි මේ රජයට කියනවා.කොලේ වහලා මැතිවරණ පවත්වන්න ඕන නිසා ජනතාවගේ ජීවිත බිල්ලට දෙන්න එපා කියලා අපි කියනවා.
මේ ආණ්ඩුව පත් වෙලා මාස නමයක් ගතවෙලත් අදවන තෙක් ජනතාවට අවශ්‍ය පෝර ටික නැහැ. සල්ලි දීලා ගන්න වත් අද පෝර නැහැ. දුන් පොරොන්දු ඉටු කරන්න කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘කොලේ වසා ජනතාව බිල්ලට දෙන මැතිවරණ පවත්වන්න එපා ‘