
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
වසර හතරකට පසුව මෙරට උසස් පෙළ සමත් සිසුන්ගේ ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවද රාඝවන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ දොස්තරලාත් නැති එකේ කාලා විද්‍යා උපාධිය, කලා වෛද්‍ය විද්‍යා උපාධියක්ම කළා නම් ....
විද්‍යා විෂය හදාරන අයට කලා උපාධියක් ලබා ගන්නත් පුළුවන් වේවි නේද සර්...?
මේ ගොයියා හදන්නේ විද්‍යා උපාධියට තිබෙන ස්ථානයත් නැතිකරන්න. ඔය කියන්නේ ඉතිහාසය විෂයට උපාධිය තිබෙන කෙනාට Bsc උපාධිය දෙන්නද? අර එක ඇමතියෙක් කතා වුණා නේද ගණිතය සමත් වීම නිවාර්‍ය නොකරන්න? ගණිතය බැරි හාදයෝ තමයි කළා විෂයන් පැත්තට දුවන්නේ. ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරුකරන හාදයෝ.
පළමු පන්තියේ රටවල ප්‍රථම උපාධියෙන් පසු තමන්ට අවශ්‍ය ඕනෑම උපාධියක් හැදෑරීමේ මාර්ග විවෘත ව ඇත. ප්‍රථම උපාධිය ඇතිව ආර්ථික අපහසුකම් නිසා බස් ඩ්‍රයිවර් හෝ කොන්දොස්තර රැකියාවක් කර පසු කලෙක දොස්තර උපාධියක් හැදෑරීමට ද බාධා නැත. කරුණු නොදැන ළිං මැඩියන් සේ හැමදේටම බක බක ගෑමට ඇති නිදහස ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
උපාධිය ශාස්ත්‍රවේදීද, විද්‍යාවේදීද කියන එක නෙවෙයි ප්‍රශ්නේ... උපාධියට හදාරපු විෂයන් මොනවද කියන එකයි රැකියා වෙළඳපොළේදී සලකා බලන්නේ. තවම හණමිටි හා හීනමානය කරතියාගෙන යනවා. දියුණු රටවල පාසලේදිවත් විද්‍යා, කළා, වාණිජ යනාදී වශයෙන් අපේ රටේ වගේ සිසුන් බෙදා වෙන්කරන්නේ නැහැ. අපි ඉතින් හැමදාම කටින් බතලකොළ හිටවමින් යනවා. වැඩිය දඟලන්න ඕන නැහැ. අවංකවම කළා සිසුන්ට යහපතක් කරන්න වුවමනා නම් ඔවුන්ට උසස්පෙළ පන්තියේදී අවම වශයෙන් ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ගණිතය, සංඛ්‍යානය, ජපන් බස, ප්‍රංශ බස වැනි විෂයයන්ගෙන් දෙකක්වත් හැදෑරීම අනිවාර්ය කරන්න. ප්‍රශ්නයට හොඳ විසඳුමක් කෙටි කලකින් ලැබේවි. කණගාටුවට කරුණ නම් වි වි ප්‍ර කොමිසමයි,... ටියුෂන් ඔස්තාර්ලයි මේවාට ඉඩ දෙන්නේ නැහැ. එහෙම නැත්නම් හදපල්ලකෝ දියුණු රටවල වගේ විෂය සංයෝජන ක්‍රම අපේ රටේත්....
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී කලා විෂය ධාරාව හදාරන සිසුවාටත් විද්‍යාවේදී උපාධියක් ලබාගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම පිළිබඳ "අවධානය යොමු කළහැකි වුවත්" එසේ කරන්නේ කෙසේද කියා පැහැදිලි කරන්න..
අපේ රටේ කෙරෙන තවත් ලෝක විහිළුවක් තමයි කාලෙන් කාලෙට එන අධ්‍යාපන ප්‍රතිසංස්කරන... නමුත් එන්න එන්නම අධ්‍යාපනයට ගියේ වලපල්ලට... චන්ද්‍රිකාගේ අධ්‍යාපන සංස්කරණය ගෙනෙන වෙලේ කිවේ දැන් ඉතින් අපේ අධ්‍යාපනය ඇමරිකාවේ එහෙම නැත්නම් එංගලන්තේ අධ්‍යාපනය වගෙයි කියලා. එහි ප්‍රධානියා වුනු ලක්ෂ්මන් කීවේ ඒ මගින් සරසවි නොයන පිරිසට සෙත සලසන බවයි. නමුත් අන්තිමට ඔය එකම ප්‍රතිඵලය උසස්පෙළ සිසුන්ට විෂන් 4 වෙනුවට 3 ක් කරන්න අවස්ථාව විතරයි. මේකත් එහෙම විකාරයක් නොවෙයි කියල කාටද කියන්න පුළුවන්...?
එහෙම නම් කලා උපාධියකට නාකි වෙන්නේ නැතුව කෙලින්ම විද්‍යා උපාධියකට එක වරම ඔට්ටු වෙන්න පුළුවන්නේ... ඔය මැජික් පෙන්නලා නම් ඡන්දෙ ගන්න පුළුවන් කියලාද ලොක්කා හිතන්නේ... සර්ට වැරැදිලා.
පිස්සු නැත්නම් ෂෝක්...
ඇමෙරිකාව වගේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රම ආදර්ශයට අරගෙන ජාත්‍යන්තරය ඉහළින් පිළිගන්නා විදිහට අපගේ උපාධිවල වටිනාකම තවත් වැඩි කරනවා නම් හොඳයි.
ඒකට කියන්න පුළුවන් ‘‘විකාල‘‘ උපාධිය කියලා...
ඔයාලා වගේ පාර්ලිමේන්තු ගොන්නු ඉන්නකල් අහවල් ස්ථාවර රටක්ද බන්?