(කුෂාන් ජයවර්ධන) 

කලාවැව ජාතික උද්‍යා නය තුළ පිහිටි කලාවැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතිද්දී කලාවැව තරණය කිරීමට ගිය දෙනෙත් අන්ධ වන අලියකු කලාවැව් දිය මත දී යායුතු මග සොයා ගත නොහැකිව අතරමංව සිටියදී බේරා ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු සමත්වූහ.

මේ වනවිට කලාවැවේ ජල මට්ටම අක්කර අඩි 86,000ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ දිනවල කලාවැව වාන් දමමින් පවතින අතර එහි හදිසි වාන් දොරටු ද විවෘත කර තිබේ. මෙම දෙනෙත් අන්ධ වන අලියා කලාවැව තරණය කිරීමට ගොස් ඇත්තේ මෙවන් තත්ත්වයක් එම ජලාශයේ පවතින පසුබිමකය.  

කලාවැව් දියේ අතරමංව සිටි එම වන අලියා සම්බන්ධයෙන් ප්රෙැද්ශවාසීන් කළ දැනුම් දීමක් අනුව එම වනඅලියාගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුම් ක්රිවයාත්මක කිරීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු යුහුසුළුව කටයුතු කරනු ලැබූහ. ඔරු කිහිපයක් ආධාරයෙන් සිදුකළ එම මෙහයුම දැක බලා ගැනීමට ද කලාවැව අවට ප්‍ර දේශවාසීහු පිරිසක් ද එක්රොක්ව සිටියහ.