(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ත්‍රීරෝද රථ රියදුරෙකු කුලී ගමනක් රැගෙන යන මුවාවෙන් කාන්තාවක සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ අටක රන් භාණ්ඩ මුදල් ඇතුලු දේපල රැසක් කොල්ල කා පළා ගොස් ඇතැයි ගොඩගම පොලිසිය කියයි.
මෙම කාන්තාව පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ගොඩගමට ගොස් නැවත නිවසට යාම සඳහා මාර්ගය ආසන්නයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයක් කාන්තාව රැඳී සිටි ස්ථානයේ නවතා කුලී ගමනක් යාමට දැයි විමසා කාන්තාව ත්‍රිරෝද රථයට නංවාගෙන ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
ත්‍රීරෝද රථ රියදුරු කාන්තාවගේ නිවස පිහිටි ස්ථානය පසු කොට පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් කාන්තාව බිය ගන්වා මරණීය තර්ජනය කොට ඇය සන්තකයේ තිබූ රන් මාලයක් මුදුවක් අත් පළඳනාවක් කරාබු යුගලයක් මුදල් පසුම්බිය සහ ජාතික හැඳුනුම්පත ඇතුළු අත්‍යවශ්‍යය ලිපි ලේඛන රැසක් මං කොල්ලකා පලාගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාන්තාව ලක්ෂ අටක රත්තරන් පැළඳගෙන යන්න තරම් ඔච්චර පෝසත්ද..? අනික රටේ අවදානම් තත්වය එයා පත්තරයකින්වත් කියවලා බලන්නේ නැද්ද..?
කාන්තාවෙනි, දෙයියන්ගෙ නාමෙට ගෙදර තියෙන රත්තරන් බඩු සේරම දාගෙන පාරෙ යන්න එපා. මේ එහෙම යන්න කාලයක් නෙවෙයි. කරුණාකරල තමන්ගෙ දේවල් පරිස්සම් කරගන්න. සේරටම වඩා ජීවිතේට අනතුරක් අනතුරක් වෙන්න පුළුවන් කියල මතක තියා ගන්න.