
(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ වෙළෙඳ භාණ්ඩ ගබඩාවක තිබූ කල්ඉකුත් වූ භාණ්ඩ යැයි සැක කරන කසල තේ සහ රූපලාවණ්‍ය භාණ්ඩ ඇතුලු භාණ්ඩ රැසක් පොලිසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය පරීක්‍ෂා කර එම ගබඩාවට මුද්‍රා තැබූ බව පොලිසිය පැවසීය.
එම ගබඩාවේ තිබී චීනය සහ කුවේට් යන රටවලින් ආනයනය කළ රූපලාවණ්‍ය භාණ්ඩ, චොකලට් වර්ග, එනසාල්, ඔක්සිමීටර සහ කසල තේ, ඇතුළු වෙළඳ භාණ්ඩ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පරීක්‍ෂා කළ බවත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එම භාණ්වල සාම්පල ඉදිරි විමර්ෂණ සඳහා රැගෙන ගිය බවත් පොලිසිය කියයි.
කොළඹ මධ්‍යම කොට්ඨාසයට ලැබුණු තොරතුකට අනුව ආදුරුප්පුවීදිය පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීහූ මෙම මෙහෙයුම දියත් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd