(අංජුල මහික වීරරත්න)
වනජීවී හා වන සංරක්ෂණ කලාප වල ඇති කිතුල් ගස් මැදීම සඳහා එම කර්මාන්තයේ යෙදෙන්නන්ට කැලයට ඇතුළුවීම සඳහා අවසර දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වන සංරක්ෂණ කලාපවල කිතුල් මැදීම සඳහා අවසර දෙන ලෙස අමාත්‍යවරයා වනජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
කිතුල් පැණි හා හකුරු වල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින හෙයින් කිතුල් පැණිවල ප්‍රමිතිය අනිවාර්යෙන් තහවුරු කළ යුතු යැයි අමාත්‍යවරයා කීය.
ඇතැම් නිෂ්පාදනවලට සීනි කවලම් කිරීම නිසා කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ දී ගැටලු මතුවන බව අමාත්‍යවරයා පැවසීය.
මෙරට ඇති සමස්ත කිතුල් ගස් ප්‍රමාණය ලක්ෂ 30ක් වන අතර ඉන් ප්‍රයෝජනයට ගනු ලබන්නේ සියයට 20ක් පමණි. ඉතිරි සියයට 80ක ප්‍රමාණය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත්හැර දමා ඇතැයි කිතුල් සංවර්ධන මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ඉතුරුවෙලා තියෙන කැලැවත් ඉවර කරනවා.
මුලින්ම සීනි හා එකතුකළ අගය කියලා රසකාරක මිශ්‍ර කිතුල් හකුරු හා කිතුල් පැණි විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න (එහෙම කියන්නේ සමහරක් වෙළෙන්දෝ සීනි නැති කිතුල් පැණි හොඳ නැහැ කියලා බාල පැණි විකුණනවා... සීනි මිශ්‍ර නොකළ කිතුල් පැණි ඉතාමත් රසවත්...) දෙවනුව ගෙවතුවල තියෙන කිතුල් මැදීමට අවසරය ලබා දෙන්න. තෙවනුව කැලේ තියෙන කිතුල් ගස්වලට බලපත්‍ර දෙන්න එහෙත් සෑම මලක්ම කැපීමට බලපත්‍ර නොදෙන්න (නැත්නම් කැලයේ කිතුල් ගස් නැතිවේවි..) මෑතකදී අහන්න ලැබුණා ත්‍රීවීලර් එකක බුදු පිළිමයක් තිබුණා කියලා.. පෙට්‍රල් ලීටරයක දඩයක් ගැහුවා කියලා එහෙම දේවල් කිතුල් මැදීමේදී අනන්තවත් වෙන්න පුළුවන්... ඒ ගැණත් අවධානය යොමුවේවා...!
කිතුල් රා වලට බයිට් එකත් කැලෙන්ම හදා ගන්නත් අවසර දුන්නා නම් හොඳ සංචාරක ප්‍රොජෙක්ට් එකකි...
ඕක හරියන්නේ නැහැ....
කිතුල මදින ගමන් කිතුල් රා එහෙමත් පෙරාගන්න බැරියැ. අපේ අයගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේද?