(ඉන්දිකා රාමනායක)
නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කර සෑදූ සුඛෝප භෝගි කැබ් රථ දෙකක් සමග සැකකරුවකු තිස්සමහාරාම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන වන කොස්ගොඩ රණා නැමැත්තාගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
සැකකරු බාරයේ නීති විරෝධී කැබ් රථ දෙකක් ඇති බවට ලැබුණු තොරතුරු මත විශේෂ කාර්ය බළකාය විසින් මෙම කැබ් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබිණි .
සැකකරු (27) හැවිරිදි තරුණයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා තිස්සමහාරාම පොලීසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු බයිලා.. උඩ ඉන්න ලොක්කන්ට පගාව හරියට හම්බවෙලා නැතුව ඇති. එහෙම නැත්තන් කුරුණෑගල පැත්තෙ ඕන තරම් යාඩ්වල බඩ් කරපු වාහන තියෙන්නෙ.ගිහින් අල්ලගන්න පුලුවන් නෙ..