(අංජුල මහික වීරරත්න)
කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සදහා සැකසූ නව දළ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අද පිළිගැන්වීය.
එම පනත් කෙටුම්පත නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලෙසත්, මැයි මාසය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තුලින් කලාකරුවන්ගේ වෘත්තියමය භාවය වැඩි දියුණු කිරීම හා ඔවුන්ගේ ආර්ථික තත්වය නගා සිටුවීම, උසස් කලා නිර්මාණ බිහිවීම අපේක්ෂා කරන අතර, ඒ සදහා නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති රෙගුලාසි, පනත් කෙටුම්පත් ගෙනල්ලා කලාව ආරක්ෂා කරගන්නද කළා කල්ලිය මේ උත්සහ කරන්නේ.... වුර්තීය සමිති කියන මාෆියා කල්ලි වලට ඉතින් ලංකාව හරිම ප්‍රසිද්ධයිනෙ...දැන් ලංකාවේ වැදගත් කළා කරුවන් ඉන්නේ අතලොස්සයි... අනෙක් හැමෝම ඔවුන්ගේ ප්‍රසිද්ධිය, බඩ ගොස්තරය වෙනුවෙන් දේශපාලකයින්ට ආවැඩීමයි කරන්නේ.. අර ඒ කාලේ, "ඇස්දෙක පියාගත්තම පාලකයාව පෙනෙන නලා කාරිය" මේ කලා කල්ලියට සම්බන්ධ නැද්ද...?තියන කාලේ හොඳට කාලා බීලා ජොලි කරලා අවසානයේ පාලකයින්ගෙන් හා ජනතාවගෙන් හිඟා කන කලා කරුවන් ලෝකයේ වෙනත් රටවල නම් නැහැ.. මම නම් සතේකට මායිම් කරන්නේ නැහැ මේ රටේ නලා කාරයින්ව...
ප්‍රවීන ගායක ගායිකාවන්ගේ ගීත , සමහරු ප්‍රසංග වේදිකාවේ සහ ප්‍රසිද්දියේ ගායන කිරීම සහ එම ගීත විකුර්ති කිරීම තහනම් කල යුතුයි ,පැරණි ශිල්පින් විසින් වියදම් කොට , තම අදහස ගීත රචකයෙකුට බාර දී , තම මහන්සිය කාලය මිඩංගු කොට ගායනා කල ගීත , තවත් අය කිසිදු අවසරයකින් තොරව ගායනා කොට මුදල් හම්බ කිරීම , මින් නව පරපුරෙන් අර කලින් ගායකයින් මතකයෙන් ඈත් වී යාම හා එම ගීත වල අයිතිය් වෙනත් කෙනෙකුට යෑම වැලැක්විය යුතුයි