IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කලා අයිතිය රකින පනත් කෙටුම්පත අධිකරණ ඇමැතිට

 

(අංජුල මහික වීරරත්න)

කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සදහා සැකසූ නව දළ පනත් කෙටුම්පත අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතාට අද පිළිගැන්වීය.

එම පනත් කෙටුම්පත  නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලෙසත්, මැයි මාසය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධිකරණ අමාත්‍යවරයා  අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තුලින් කලාකරුවන්ගේ වෘත්තියමය භාවය වැඩි දියුණු කිරීම හා ඔවුන්ගේ ආර්ථික තත්වය නගා සිටුවීම, උසස් කලා නිර්මාණ බිහිවීම අපේක්ෂා කරන අතර, ඒ සදහා නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව අමාත්‍යවරයා  මෙහිදී සදහන් කළේය.



අදහස් (2)

කලා අයිතිය රකින පනත් කෙටුම්පත අධිකරණ ඇමැතිට

බද්රානි Wednesday, 20 March 2024 05:27 PM

නීති රෙගුලාසි, පනත් කෙටුම්පත් ගෙනල්ලා කලාව ආරක්ෂා කරගන්නද කළා කල්ලිය මේ උත්සහ කරන්නේ.... වුර්තීය සමිති කියන මාෆියා කල්ලි වලට ඉතින් ලංකාව හරිම ප්‍රසිද්ධයිනෙ...දැන් ලංකාවේ වැදගත් කළා කරුවන් ඉන්නේ අතලොස්සයි... අනෙක් හැමෝම ඔවුන්ගේ ප්‍රසිද්ධිය, බඩ ගොස්තරය වෙනුවෙන් දේශපාලකයින්ට ආවැඩීමයි කරන්නේ.. අර ඒ කාලේ, "ඇස්දෙක පියාගත්තම පාලකයාව පෙනෙන නලා කාරිය" මේ කලා කල්ලියට සම්බන්ධ නැද්ද...?තියන කාලේ හොඳට කාලා බීලා ජොලි කරලා අවසානයේ පාලකයින්ගෙන් හා ජනතාවගෙන් හිඟා කන කලා කරුවන් ලෝකයේ වෙනත් රටවල නම් නැහැ.. මම නම් සතේකට මායිම් කරන්නේ නැහැ මේ රටේ නලා කාරයින්ව...

:       0       0

chinthaka Thursday, 21 March 2024 09:28 AM

ප්‍රවීන ගායක ගායිකාවන්ගේ ගීත , සමහරු ප්‍රසංග වේදිකාවේ සහ ප්‍රසිද්දියේ ගායන කිරීම සහ එම ගීත විකුර්ති කිරීම තහනම් කල යුතුයි ,පැරණි ශිල්පින් විසින් වියදම් කොට , තම අදහස ගීත රචකයෙකුට බාර දී , තම මහන්සිය කාලය මිඩංගු කොට ගායනා කල ගීත , තවත් අය කිසිදු අවසරයකින් තොරව ගායනා කොට මුදල් හම්බ කිරීම , මින් නව පරපුරෙන් අර කලින් ගායකයින් මතකයෙන් ඈත් වී යාම හා එම ගීත වල අයිතිය් වෙනත් කෙනෙකුට යෑම වැලැක්විය යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site