
(ගයාන් සූරියආරච්චි සහ රොමේෂ් මධුශංක)
රුපියල් මිලියන 109 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු යාපනය තාලයඩි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 54 ත් අතර වයසේ පසුවන පේසාලේ සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හැත්තෑ තුනකට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඩිංගි යාත්‍රාව තුළ තිබී උර තුනක පාර්සල් හැටක අසුරන ලද කේරළ ගංජා කිලෝ 138 ග්‍රෑම් 110 ක තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබීය .
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසිය නවයකට (109) අධික බව නාවික හමුදාව පවසයි .අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතංකේනි පොලිස් ස්ථානය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරළ ගංජා සමඟ තුනක් මාට්ටු