(ඉන්දිකා  රාමනායක)

ධීවර කටයුතු සිදුකරන මුවාවෙන්   දකුණු  ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබු කෙරළ ගංජා තොගයක්  සමග සැකකරුවන් දෙදෙනෙක්  කයිට්ස් සහ කිලිනොච්චි  යන ප්‍රදේශ වලදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙරළ ගංජා කිලෝ 349  ක්   අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා බුද්ධ අංශ ලබා දුන් තොරතුරකට අනුව යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ භට කණ්ඩායමක්  කයිට්ස් අල්ලපිඩිඩි  ප්‍රදේශයේ දී නිවසක සගවා තිබු  කේරළ ගංජා කිලෝ 141  ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම ගංජා සමග අත්අඩංගුවට ගත්  සැකකරුගෙන් හෙළි වු තොරතුරු අනුව කිලිනොච්චි විවේකානන්ද නගර් ප්‍රදේශයේ නිවසක තිබු තවත්  කේරළ ගංජා  කිලෝ 208 ක ප්‍රමානයක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයසප අව්රුදු 43 -46 යව වයස්වල පසුවන   පුද්ගලයන් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.