(ෂේන් ප්‍රනාන්දුපුල්ලේ)
ඉන්දියාව වැනි අසල්වැසි රටවල කුරුළු උණ රෝගීන් වාර්තාවීම ආරම්භ වී ඇති නිසා ශ්‍රී ලංකාවට කුරුළු උණ පිළිබඳව අවධානෙන් සිටින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇතැයි ඩේලි මිරර් පුවත්පතට වාර්තා විය.
පක්ෂීන්ට ප්‍රධාන වශයෙන් බලපාන ඉන්ෆ්ලුවෙන්සා වයිරසය හේතුවෙන් කුරුළු උණ බෝවන අතර එම වෛරසය අනෙක් සතුන්ට මෙන්ම මිනිසුන්ටද ආසාදනය වේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රභේද සහ උප ප්‍රභේද කීපයකි. මෑතකදී ඉන්දියාවෙන් ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරසය ආසාදනය වූ දරුවකු වාර්තා වූ අතර එම දරුවා 2019 වසරෙන් පසුව ඉන්ෆ්ලුවෙන්සා ඒ (එච්.9.එන්.2) වෛරසය අසාදනය දෙවැනි රෝගියා විය.
මෙතෙක් වාර්තා වූ සියලුම කුරුළු උණ රෝගීන්ට සතුන් හේතුවෙන් එම රෝගය ආසාදනය වී ඇති අතර මෙතෙක් කුරුළු උණ මිනිසුන්ගෙන් මිනිසුන් ආසාදනය වන බවට කිසිඳු සාක්ෂියක් හමුවී නැත.
වත්මන් තත්වය මත ශ්‍රී ලංකාවට එච්5, එච්7 සහ එච්9 ආසාදනය වූ කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවත් කුරුළු උණ රෝගය පිළිබඳ නිරීක්ෂණ කටයුතු කරන රෝහල්වලට සැකසහිත කුරුළු උණ රෝගීන් හඳුනාගැනීමට හැකියාව තිබෙන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කළේය.
මිනිසුන්ට කුරුළු උණ රෝගය ආසාදනය වීම දුර්ලභවුවත් සතුන් සමඟ සිටින පුද්ගලයන්ට අවදානමක් තිබෙන බවද වෛද්‍යවරයා පැවැසුවේය.රෝගය ආසාදනය වීමෙන් වැලැකීමට සතුන් සමඟ ගැවසෙන පුද්ගලයන් නිතරම දෑත් සබන් යොදා සෝදන ලෙසත් ආරක්ෂක උපකරණ පළඳින ලෙසත් උපදෙස් ලබා දී තිබෙන බව වෛද්‍ය ජූඩ් ජයමහ පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
526
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුළු උණ ගැන ලංකාවට හෙවිල්ලෙන් ඉන්න කියයි