
ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තමන්ගේම නිවහනක් නොමැති හෝ මූලික පහසුකම් නොමැති එහෙත් සමාගම වෙනුවෙන් දැඩි කැපවීමකින් සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ක්‍රිස්බ්‍රෝ සමාගම 2012 දී ක්‍රියාත්මක කළ ප්‍රජා අරුණ වැඩසටහන සාර්ථකව මේවන විටත් ක්‍රියාත්මක වෙයි.
හිසට සෙවණක් නොමැති පවුල් සහ අබලන් නිවාසවල දිවිගෙවූ සමාගමේ සාමාජිකයන් රැසකගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට ක්‍රිස්බ්‍රෝ සමාගමට හැකි ව තිබේ. 2022 ලෝක ජනාවාස දිනයෙහි මෙරව තේමාව වූ කාබන් විමෝචනය හැකිතාක් අවම වූ ලෝකයක නාගරික හා ග්‍රාමීය නිවාස හිමිකම තහවුරු කිරීම යන අදහස අරුත් ගන්වමින් ක්‍රිස්බ්‍රෝ සමූහයෙහි සේවක සේවිකාවන්ගේ නිවාස අවශ්‍යතාවලට සැබෑ විසඳුම් ලබා දීමට ප්‍රජා අරුණ වැඩසටහන හරහා ක්‍රිස්බ්‍රෝ සමූහය පියවර ගෙන ඇත”
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, රටේ ජනගහනයෙන් සියයට 77ක් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන අතර බොහෝ විට, මෙම ප්‍රදේශවල ආර්ථිකය කෘෂිකර්මාන්තය, පශු සම්පත් සහ ධීවර කර්මාන්තය ඇතුළු ප්‍රාථමික අංශය මත කේන්ද්‍රගත වේ.
ක්‍රිස්බ්‍රෝ, සමාගමේ ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් වූ ප්‍රජා අරුණ ව්‍යාපෘතිය එහි ආරම්භයේ සිටම, සුදුසුකම් ලත්, සමාජ-ආර්ථික වශයෙන් පීඩාවට පත් සේවකයන්ට උසස් ජීවන මට්ටමක් ලබා දීමට සිය අවධානය සහ උනන්දුව පුළුල් කර ඇත. අද වන විට මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 84 ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර නව නිවාස 34ක් ඉදිකොට එම නිවාස ක්‍රිස්බ්‍රෝ සේවකයන් වෙත භාරදී ඇත.
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රිස්බ්‍රෝ ප්‍රජා අරුණෙන් නැති බැරි සේවකයන්ට නිවාස
T Ruban Sunday, 29 September 2024 08:35 PM
ගෙදරදී උදව් කරන්න.