IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ක්‍රිස්ටෝපර් පෝල් දිවි සැරිය නිමා කරයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )

ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද (18) උදෑසන අභාවප්‍රාප්තවිය.

මිය යනවිට පීරිස් මහතා 87 වැනි වියේ පසුවූ ඒ මහතා පස්දරු පියෙකි .
" හා මල් පිපෙන්නේ, පෙම් ලෝකෙ පුරා, රෝස මලක් දුටුවාම, ඇළ දොළ ගංගා යාවි ගලා, රුවන් තොරණ් තනා, වතුර නාලා, මුස්තාපා මම මුස්තාපා"ඔහු ගායනා කළ  ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි.

1959 වසරේදී හා මල් පිපෙන්නේ ගග ගලන්නේ ‘ ගීතය ගායනා කිරීමෙන් හෙතම ගීත ලොවට පිවිසියේය.දශක 7 කට ආසන්න කාලයක් ගීත ලොවේ සැරි සැරූ මෙම ගායකයා ගීත 500 කට අධික ගණනාවක් ගායනා කර තිබේ.

ඔහු ගුවන් විදුලියේ ‘ඒ‘ ශ්‍රේණීයේ ගායකයෙකි.

ක්‍රිස්ටෝපර් පෝල් මහතා  60,70 දශක වල ජනප්‍රියම ගීත තරුව ලෙස හැඳින්විණ.  ඒ සමගේ ප්‍රසංග වේදිකාවකට ඔහු නැතුවම බැරි ගායකයෙක් විය. පීරිස් මහතා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති .

 

 

 



අදහස් (5)

ක්‍රිස්ටෝපර් පෝල් දිවි සැරිය නිමා කරයි

Swarna Thursday, 18 May 2023 01:18 PM

අපේ හොඳම ගායක තරැ සදහටම වෙන්වීම හරිම කණගාටු දායකයි.ඒ මහතාට නිවන් සුව අත්වේවා!

:       0       10

Ananda Thursday, 18 May 2023 03:16 PM

හරිම දුකයි මෙතුමාගෙ වියෝව ගැන. ඒ වගේම ඊයෙ ග්‍රේෂන් ආනන්ද මහතා. ඔබ දෙපලටම මොක් සුව !

:       1       6

Priyath LiyanageThursday, 18 May 2023 04:32 PM

ග්‍රේෂන් ආනන්ද නෙමෙයි. ඊයෙ ටොනි හසන් . ග්‍රේෂන් ආනන්ද මැරිල ගොඩක් කල්.

:       0       7

පිටරැටියා Thursday, 18 May 2023 03:21 PM

ලයාන්විත, මිහිරි ගීතයෙන් අපගේ හදවත් සැනසූ, ආදරණීය ගායකයානෙනි ඔබට මොක්සුව ලැබේවා !

:       0       8

Swarna Thursday, 18 May 2023 03:28 PM

අපේ ප්‍ර‍වින ගායක තරැ සදහටම වෙන්වීම ගැන හරිම කණගාටුයි.එතුමාට නිවන් සුව අත්වේවා!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site