(විනීතා එම් ගමගේ)
රැකියා සඳහා කොරියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 3821 දෙනෙකු සේවා කාලය අවසානයේ ආපසු නොපැමිණ එරට නීතිවිරෝධී අන්දමින් රැඳී සිටින බව කොරියාවේ මානව සම්පත් සංවර්ධන අංශයේ රැකියා බලපත‍්‍ර ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ කිම් වොන් සියොක් මහතා අද (12) ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් 22,006 දෙනෙකු එරට සේවය කරන අතර එයින් 3821 දෙනෙක් නිතීවිරෝධීව රැඳී සිටින බවත් ඒ අනුව එරට සේවය කරන ශ්‍රී ලාංකියන් අතරින් 17.4% ක් රැඳී සිටින්නේ නීතිවිරෝධී ව බවත් හෙතෙම කියා සිටියේය.
මෙසේ නීතිවිරෝධී ලෙස රැදී සිටින්නන් සංඛ්‍යාව වැඩිවීමෙන් ඉදිරියේ ශ්‍රී ලංකාවට ලැබිය හැකි රැකියා කෝටාව අවම වීමට ඉඩකඩ ඇතැයි ද එම සේවකයින් අනාරක්ෂිත ආර්ථික හා සාමාජීය පසුබිමකට යොමු වන බව ද ඔහු ප‍්‍රකාශ කර සිටියේය.
නීති විරෝධී ලෙස කොරියාවේ රැඳී සිටින්නන් සංඛ්‍යාව අඩු කිරීමට හා රැකියාව අවසන් වූ විගස ස්වේඡ්ඡාවෙන් මෙරටට පැමිණීම වැඩි කිරීමට ශ්‍රී ලංකා රජය යම් අධ්‍යාපන පුහුණූ හා කාර්ය පටිපාටිය ක‍්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වූවද එහි ප‍්‍රතිඵලය අපේක්ෂිත මට්ටමේ නොවන බවත් කිම් වොන් මහතා කීය.
කිම් වොන් සියොක් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය මහතා කියා සිටියේ කොරියාවේ සේවයට යන ශ්‍රී ලාංකියන් වෙනුවෙන් අස්සන් කරන ඇපයක වටිනාකම දැනට රුපියල් විසි ලක්ෂයක් වන අතර එය රුපියල් හතලිස් ලක්ෂය දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි. ඇප මුදලේ වටිනාකම වැඩිකිරීමට කොරියානු රජය ද එකඟ වී ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ළඟකදීත් දුටුවා කොරියාවේදී කල්ලි ගැහිලා ගහමරාගන්න ශ්‍රී ලාංකික පිරිසක් ගැන වීඩියෝ එකක්.., මේ අමනකම්වලින් වෙන්නේ හොඳ රටක, හොඳවැටුප් ලැබෙන රැකියා සඳහා ලාංකිකයින්ට තියෙන අවස්ථා සීමාවීමයි.
කලකට පෙර ඉන්දියාවෙන් ලංකාවට ඔය වගේ පිරිස් ඇවිල්ල නීත්විරෝධිව රැඳිලා ඉඳලා තියෙනවා.
එම උදවිය තමා ෆේස්බුක් එකේ රට බේරගන්න ලොකු කතා කියන්නේ