IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා

(ඩයනා උදයංගනී)

ප්‍රධාන මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කර ඇති අතර, ඒ හේතුවෙන් දුම්රිය මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති.

මේ අනුව පෙරවරු 5.20 ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.02 කොළඹ කොටුව සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය, පස්වරු 4.58 පානදුර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 5.55ට පොල්ගහවෙල බලා ධාවනය වන දුම්රිය, පෙරවරු 6.25 ට හෝමාගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය සහ පස්වරු 5.15 කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වන දුම්රිය ධාවනය අවලංගු කර ඇත.

මීට අමතරව පෙරවරු 4.45ට සහ පෙරවරු 5.25ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් මහරගම සිට කොළඹ කොටුව දක්වා සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වීමට ද පියවර ගෙන තිබේ.

ඉහත අවලංගු කළ දුම්රියවල දිනපතා ගමන් ගත් මගීන්ට ඒ වෙනුවට වෙනත් දුම්රියක තෝරාගැනීමට සිදුව ඇති අතර, එම දුම්රිය ද දිනපතා ප්‍රමාදවී ධාවනය වීම නිසාත්, ඒවායේ මගී ධාරිතාව වැඩිවීම නිසා මගීන්ට ඉතා අනාරක්‍ෂිත ලෙස දුම්රිය පා පුවරුවේ පවා ගමන් කිරීමට සිදුව ඇත.



අදහස් (1)

කාර්යාල දුම්රිය කිහිපයක් අවලංගු කිරීමෙන් මගීන්ට දුෂ්කරතා

Hafeel Tuesday, 08 November 2022 02:37 PM

එදා අර අනාචාර්ය ගුණරුවන්ගේ ලණු කාල, ගෝටාභය ජපාන රජයෙන් පටන්ගත්තු මෙට්‍රෝ සැහැල්ලු දුම්රිය ව්‍යාප්‍රතිය නතර කරපු එකේ ප්‍රතිපලයි මේක.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site