(අංජුල මහික වීරරත්න)

සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

දකුණු කොරියා තානාපතිවරයා සිය නික්ම යාම ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් අතර, එහිදී සුහඳ සාකච්ඡාවකට ද එක්විය. 

ජොන්ග් වුන්ජින්ග් මහතා සිය ධුර කාලයේ දී  ලංකාවට දුන් සහයෝගය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ  කෘතඥතාව පළ කළ අතරඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශිංසන පිළිගැන්වීය. 

මෙම අවස්ථාව සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක   රුවන් විජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

ජොන්ග් වුන්ජින්ග් මහතා 2020 ජූලි මස 02 දා සිට මෙරට දකුණු කොරියා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.