IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ක්‍රිමියාවේ රුසියා නාවික හමුදා මූලස්ථානයට ප්‍රහාරයක්

ක්‍රිමියා අර්ධද්වීපයේ පිහිටි රුසියානු නාවික හමුදා මුලස්ථානයට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

සෙවස්ටොපෝල් නගරයේ ක්‍රිමියා වරායේ පිහිටි කලු මුහුදු බල ඇණියේ නාවික හමුදා මූලස්ථානයට මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී තිබේ.

අවම වශයෙන් එක් මිසයිලයක්වත් නාවික හමුදා මූලස්ථානයට එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරයෙන් පසු එක් නිලධාරියෙකු අතුරුදන් වී ඇතැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ක්‍රිමියා අර්ධද්වීපයට සයිබර් ප්‍රහාරයක්ද එල්ල වූ බවත් ඒ හේතුවෙන් අන්තර්ජාල සබඳතාවයට බාධා එල්ල වී තිබෙන බවත් ක්‍රිමියා බලධාරීන් පවසා ඇත.

නාවික හමුදා මුලස්ථානයට එල්ල වූ මිසයිල වලින් මිසයිල 5 ක් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් බිම හෙලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

ක්‍රිමියා අර්ධද්වීපය යුක්රේනයට අයත් භූමි ප්‍රදේශයක් වන නමුත් 2014 වසරේ සිට එය පවතින්නේ රුසියානු පාලනය යටතේය. ක්‍

රිමියා අර්ධ ද්වීපයේ මිලියන 2.4 ක් ජීවත් වන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනකු සහාය පළ කරන්නේ රුසියානු රජයටය.

විදෙස් පුවත් ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු



අදහස් (1)

ක්‍රිමියාවේ රුසියා නාවික හමුදා මූලස්ථානයට ප්‍රහාරයක්

Mh Mohan Saturday, 23 September 2023 05:43 PM

යුද්ධයේ එක තීරණාත්මක සංධිස්ථානයක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site