IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් ලීඩර් කයිජි බැටරි පිදුම් ලබයි

මෝටර් සයිකල් බැටරි වෙළෙඳපොළේ ශ්‍රී ලාංකීය ප්‍රමුඛයා වන ලීඩර් කයිජි බැටරි පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා 2022 සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 2016දී මෝටර් සයිකල් බැටරි නිෂ්පාදනය ඇරැඹූ ලීඩර් කයිජි සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම මෝටර් සයිකල් බැටරි නිෂ්පාදකයා වෙයි. ආරම්භයේදීම ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබූ ලීඩර් කයිජි සමාගම ලෝකයේ දැවැන්තම මෝටර් සයිකල් බැටරි නිෂ්පාදන සමාගමක් වන කයිජි සමාගම සමඟ තාක්ෂණික සහයෝගීතාවකින් ව්‍යාපාර මෙහෙයවන නිසා උසස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිෂ්පාදන සිදු කරයි.

 “අපි සෑම විටම නව තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට ජාත්‍යන්තර ප්‍රමිතියේ විශිෂ්ට නිෂ්පාදන සපයනවා. අපගේ නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන් තැබූ විශ්වාසය අපට ඉතා වටිනවා. විශේෂයෙන්ම බැටරි ආනයනය කිරීමට ලංකාවෙන් පිටරටට ගලා ගිය විදේශ විනිමය අවම කරන්න අපට හැකි වුණා. මෙම ජයග්‍රහණයට සහයෝගය දැක්වූ සේවක මණ්ඩලයට සහ අපගේ බෙදාහැරීමේ නියෝජිත මහත්වරුන්ට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” සභාපති ආචාර්ය ශ්‍රියන්ත කුරේ මහතා පැවසීය. දකුණු ආසියාවේ විශිෂ්ටතම බැටරි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සහිත ලීඩර් කයිජි සමාගම මෙරට සියයට 50කට ආසන්න වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි. ලීඩර් කයිජි ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් සයිකල් බැටරි සන්නාමය වේ. දිවයින පුරා විහිදුණු වෙළෙඳ නියෝජිතයන් 1200කට වැඩි පිරිසකගෙන් පාරිභෝගිකයන්ට කයිජි බැටරි මිලට ගත හැකිය. ඔවුන් රියල්ටා සහ ධාරා නමින් තවත් බැටරි සන්නාම දෙකක්ද හඳුන්වා දී ඇත. දැනට ශ්‍රී ලංකාවේ මෝටර් සයිකල් බැටරියක් සඳහා පිරිනමන වැඩිම වගකීම් කාලය වන වසර තුනක වගකීමක් සහිත බැටරිය වන්නේද කයිජි ප්ලස් බැටරියයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් ලීඩර් කයිජි බැටරි පිදුම් ලබයි

Dinesh Wednesday, 04 May 2022 11:29 AM

උගතෙකුගෙන් සම්මාන ලැබීම ආඩම්බරයක්...

:       11       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site