IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් ලුවිස් ඉංජිනියරින් පිදුම් ලබයි

ඌව පළාතේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ලුවිස් ඉංජිනියරින් සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේ දී දැව හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ ඩී. වෝල්ටර් ලුවිස් මහතා සම්මානය ලබා ගත්තේය.

ලුවිස් ඉංජිනියරින් සමාගම 1991 සිට ඉතා සාර්ථකව වානේ, දැව, මෙලමයින්, MDF ගෘහ භාණ්ඩ සහ සෝෆා වර්ග නිපදවා බෙසමාගමේ සුවිශේෂත්වයයි. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක ගෘහ භාණ්ඩ නිෂ්පාදකයා ලෙසද ලුවිස් ඉංජිනියරින් සමාගම කටයුතු කරයි.

දිගුකල් පැවැත්ම, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය සහ අලංකාර නිමාවෙන් යුක්ත වීම ලුවිස් ඉංජිනියරින් ගෘහ භාණ්ඩ ජනප්‍රියවීමට හේතුවයි. ලුවිස් ඉංජිනියරින් සමාගමේ ශාඛා පහක් වැලිමඩ ප්‍රදේශයේදාහරියි. කාර්යාල සහ නිවාස සඳහා අවශ්‍ය වන ඉහළ ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුක්ත ගෘහ භාණ්ඩ නවීන මෝස්තරවලින් නිර්මාණශීලීව සැකසීම ලුවිස් ඉංජිනියරින්  තිබෙන අතර දිවයින පුරා නියෝජිතයන් 100කට වැඩි ගණනක් හරහා ගෘහ භාණ්ඩ බෙදා හරියි. මීට පෙර ව්‍යවසායකත්ව සම්මාන උළෙලවල් රැසකදී ජාතික මට්ටමේ රන් රිදී සම්මාන රැසක් දිනා ගැනීමට සමාගම සමත් වී ඇත. ලුවිස් සහ පුත්‍රයෝ හා ලුවිස් ෆර්නිචර්ස් යනුවෙන් ලුවිස් ඉංජිනියරින් සමාගමට අනුබද්ධ ආයතන දෙකක්ද ඇත.

“අපගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බල පෑ ප්‍රධාන සාධකය වන්නේ වසර ගණනාවක් තිස්සේ නිර්මාණය කළ පාරිභෝගික විශ්වාසයයි. එසේම අලෙවියෙන් පසු සේවය පිළිබඳව අපි වඩාත් සැලකිලිමත් වෙනවා. මෙම ජයග්‍රහණයට සහාය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.” කළමනාකාර අධ්‍යක්ෂ ඩී. වෝල්ටර් ලුවිස් මහතා පැවසීය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් ලුවිස් ඉංජිනියරින් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site