IMG-LOGO

කරාපිටියේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නැවතිලා

 


 
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දකුණු පළාතේ ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ  ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා සේවය අවසන් කොට විදේශ ගතවී තිබෙන බැවින් හෘද  රෝග කැතීටර් සැත්කම් නතර වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

කරාපිටිය රෝහලේ දී රෝගී දරුවන්ට ප්‍රතිකාර කරන්න බැරි නිසා කොළඹ ළමා රෝහලට මාරු කරන නමුත් කොළඹ ළමා රෝහලේ ද ලොකු පොරොත්තු ලේඛනයක් තිබෙන නිසා ඊට ඉඩක් නැති බව ප්‍රකාශ කර ඇතැයි  මන්ත්‍රීවරයා කීය .

අහිංසක  දරුවන් ඉන්නේ ජීවිත අවදානමක බව කී කරුණාතිලක මහතා  මේ සඳහා  ඉක්මන් පියවරක් ගත යුතු බව සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවෙි එම කාරණය ඇත්තක් වන අතර විශ්‍රාම ගොස් සිටින වෛද්‍ය  ගුණතිලක මහතා වෙනුවට   වෛද්‍යවරයෙක්  කරාපිටියට යවා ඇති බවයි.

මෙය ඉතා සංවේදී කාරණයක් වන අතර බුද්ධි ගලනය  සහ නොයෙක් ප්‍රශ්න සමග මෙි ගමන රෝස මල් යහනාවක යන ගමනක් නොවේ යැයිද වෛද්‍යවරුන්  හරියටම බෙදීමක් කරනවා නම් ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාගන්න හැකි අතර ඒ කාරණය සිදුකරමින් යන බවයි.

 

 



අදහස් (1)

කරාපිටියේ ළමා හෘද රෝග කැතීටර් සැත්කම් නැවතිලා

හිරෝෂ Tuesday, 22 August 2023 03:20 PM

පශු වෛද්‍යවරුන් ඉන්නකල් මේ රටේ එකාලාට අවුලක් වෙන එකක් නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site