IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති

(ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලකද සිල්වා සහ ඩී.ජී.සුගතපාල)

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු හා රෝහල් සුළු සේවකයන් අතර ඇති වූ උණුසුම් තත්වයට හේතු වූ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් අද (17) සවස වැඩවර්ජනයක් ආරම්භ කළේය.

සෞඛ්‍ය සේවකයන් ඊයේ (16) පැවැත්වූ ‍ වැඩවර්ජනය හේතුවෙන් කුපිත වූ විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍යවරයා අද(17) පෙරවරුවේ රෝහල් කණිෂ්ඨ මණ්ඩලයේ සේවකයන්ට බැන වැදී ආරවුලක් ඇති කර ගැනීම සහ එක් සේවිකාවකට පහරදීම හේතුවෙන් වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ රෝහල් අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරු සහ අනෙකුත් වෛද්‍යවරු එකතු වී උදෑසන ඇති වූ මෙම තත්වය සමථයකට පත්කළ බවයි. ඉන් පසු වෛද්‍යවරයා අධ්‍යක්ෂ කාර්යාලයේ රැඳී සිට පිටව ගොස් තිබිණි.

සවස නැවත විශේෂඥ වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා මහතා පිළිකා ඒකකයට පැමිණ ඇති අතර එම අවස්ථවේ දී හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට වාට්ටුවට රෝගියකු රැගෙන එමින් සිටි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවක දුටු ඇය සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇයට පහර දී ඇතැයි රෝහල් සේවකයෝ කියති.

පහරකෑමට ලක්වූ එම සේවිකාව මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් සේවකයන් පිරිසක් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිහිටි රෝහල් පොලිසියට පැමිණිල්ල කිරීමට උත්සාහ ගෙන ඇතත් රෝහල් පොලිසිය එම පැමිණිල්ල සටහන් කරගෙන නැත. මේ නිසා රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් ගාල්ල මූලස්ථාන‍ෙ පොලිසියට වෙත පැමිණිල්ලක්‍ ගොනුකිරීම සඳහ‍ා ගොස් තිබිණි.

වෛද්‍ය ක්‍රිෂන්ත පෙරේරා මහතා පවසන්නේ වැඩ වර්ජනය නිසා නොපැමිණි වාට්ටු කාර්ය මණ්ඩලය ‍ෙ පිළිබඳ තමන් දැනුම්වත් නොකිරීම නිසා සැත්කම් ආදිය ප්‍රමාද වූ බවයි. මෙම හේතුව නිසා ගැටලුවක් ඇති වූ බව ද වෛද්‍යවරයා පවසයි.

 



අදහස් (6)

කරාපිටියේ වෛද්‍යවරයෙක් හා සුළු සේවකයෝ ගැටෙති

බුද්ධික Thursday, 18 January 2024 09:33 AM

ආහාර ,නින්ද හා මෛතුනය මිනිසා ඇතුළු සියලු සතුන්ටම පොදු ධර්මතාවකි මෙයින් මිනිසා තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ එක් එක් අයගේ බුද්ධිය අනුවය නුවනැත්තෝ සිතත්වා

:       0       3

ලුම්බිණි Thursday, 18 January 2024 09:53 AM

තමන් දැනුම්වත් නොකිරීම සේවකයන්ට ගහන්න හේතුවක්ද? මෙයා විශේෂ අග්චානයෙක්

:       5       3

Lalith Thursday, 18 January 2024 11:21 AM

ලුම්බිණි කියන්නෙ රෝහල් ප්‍ප්‍රධානියා වෙන්නෙ සනීපාරක්ෂක කම්කරුවන්ද සාමාන්‍යයෙන් රජයේ සේවයේ පහල සේවකයින් උසස් නිළධාරින්ගේ නියමයන්ට කීකරු විය යුතුය එහෙම නොවුනොත් වාර්ෂිකව ලැබෙන වැටුප් වර්ධක වුනත් විලම්භනය කරන්න පුළුවන් ඒත් දොස්තරලා එහෙම කරන්නෙ නැහැ මොකද ඔවුන් මානසික හැගීමක් ඇතිව කටයුතු කරන්න පුළුවන් අය නිසා සමහරක් කෙනෙක් ටිකක් වෙනස් අයෙක් වෙන්න පුළුවන් ඇති )

:       0       3

JanithThursday, 18 January 2024 01:31 PM

අනේ Lalith මහත්තයෝල දොස්තරලට සේවකයෝ විලමිභනය කරන්න මේ ඉස්ලිරිතාලෙනම් බෑ. වාර්ෂිකව ලැබෙන වැටුප් වර්ධකට දොස්තරල අත්සන්කරන්න වුවමනත් නෑ. නොදන්න දේවල් කතා නොකර රෝහලක තියන pay scale දැනගෙන කථා කරන්න.

:       1       0

SrilakThursday, 18 January 2024 12:30 PM

උපදේශක අත්අඩංගුවට ගෙන ඇත. ඔබට සතුටුයිද දැන් ? පිළිකා රෝගීන්ගේ සැලසුම්ගත සැත්කම් ගැන කුමක් කිව හැකිද? මෙම උපදේශක පිළිකා වෛද්‍යවරයාගේ සේවය වෙනත් අයට ප්‍රතිස්ථාපනය කළ හැකිද? උපදේශකයෙකු ලෙස ඔහුට පිළිකා රෝගීන්ගේ සැත්කම් ප්‍රමාදයකින් තොරව කරගෙන යාමට අවශ්‍ය විය. නුපුහුණු සුළු සේවකයන්ට තම වර්ජනය දිගටම කරගෙන යාමට අවශ්‍ය වීම ගැටුමට හේතුව විය. ඔබ නිවැරදි තොරතුරු සොයාගෙන අදහස් දක්වන්න.

:       0       4

m.g.w.w.silva Thursday, 18 January 2024 12:52 PM

ඔය රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් පිටවෙන එවුන් ඔහොමම තමයි, කිසිම මනුස්සකමක් නෑ

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site