
(ඩී.ජී.සුගතපාල)
කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා 22 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ ක්‍රිශාන්ත පෙරේරා නම් විශේෂඥ වෛද්‍යවරයාය.
ඉකුත් 16වනදින පවත්වන ලද වැඩ වර්ජනයට පිළිකා වාටුටවේ සේවකයන් එක් නොවන බව කියා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්විිම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් වෛද්‍යවරයා විසින් මෙම පහරදිම සිදුකර ඇතැයි අධිකරණයේදී කියැවිණි.
පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ පිළිකා වාට්ටුවේ සේවකයන් වර්ජනයට එක්විම වළැක්විමට පියවර ගන්නා ලෙස සැකකාර වෛද්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලිකර තිබුණත් ඔවුන් වර්ජනයට එක්ව සිට ඇති බවය.
පසුදින සේවයට වාර්තා කිරිමට පැමිණි සේවකයන්ට අත්සන් කිරිමට ඉඩ නොදිම නිසා වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර බහින්බස් විමක් සිදුව ඇති අතර පසුව සේවකයන් රෝහල් අධ්‍යක්ෂවරයා හමුවිමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයාද ඒම ස්ථානයට පැමිණිමත් සමග යලිත් ආරවුලක් සිදුව ඇති බවත් පොලිසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට ඉඳලා ඒ පැළැන්තියේ අය වර්ජනය පටන් ගනීවි...!
ටිකක් කල්පනා කරලා බලන්න. සුළු සේවකයින්ට ගහපු එක හරි නෑ. නමුත් මේ වෛද්‍යවරයා නිකරුණේ රිමාන්ඩ් කරලා තියෙන කාලය තුළ රෝගීන්ට බෙහෙත් කරන්නේ සුළු සේවකයින්ද? මෙවැනි දේවල් සාකච්ඡා මාධ්‍යෙයන් විසඳීම වඩා සුදුසු දෙයක්...!
නඩුව ඉවර වෙච්චි ගමන් මිනිහා වෙන රටක පදිංචියට යයි...!
ඒ දොස්තරත් රට හැරගිය ලිස්ට් එකට ළඟදීම එකතුවේවි. ලංකාවේ ඉඳන් ප්‍රශ්න ඇති කරගන්නවාට වඩා එහෙම කරන එක හොඳයි කියලා හිතෙයි..!
හෙට ඉඳලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය පටන් ගනීද දන්නේ නැහැ...!
මෙවැනි සුළු ආරවුල් එම ස්ථානයේ දී ම නිරාකරණය කරගත යුතුයි. රෝහල් පරිපාලනය ඉතා දුර්වලයි. සියලුම දෙනා ඉන්නේ රෝගීන්ගේ යහපතට.
කක්කුස්සි හෝදන අයට මොන වැඩි පඩිද?
බොහෝ අය මේවගේ දේවල් දකින්නෙ සාමාන්‍ය පුද්ගලික දේවල් ලෙස පමණයි.. බොහෝ ප්‍රතිචාර කියවන විට වැටහෙනවා.. හැබැයි මේ පේනවන්නේ අපේ සමාජය කොතරම් දුරට පිරිහිලා තියෙනවාද කියන කැඩපත.. යහපත් රටක මෙහෙම වෙන්න බැහැ.. ඒවායි තේරුම් ගන්න ඕනේ...!