(ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ඩී.ජී.සුගතපාල)

කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකුට සහ සායිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සේවයෙන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස් ඩී යූ එම් රංගා මහතා සනාථ කළේය.

මෙම ශල්‍ය වෛද්‍යවරයාට නව චක්‍රලේඛයට අනුව වසර 63 දක්වා සේවය කිරීමට හැකි නමුත් එම විශ්‍රාම වැටුප් සීමාවට වසර දෙකකට ප්‍රථමයෙන් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

මෙම ශල්‍ය වෛද්‍යවරයා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඔහුට ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාරයකගේ ප්‍රතිකාර ලබයි.