(ජී. ඩබ්ලිව්. කේ .ප්‍රේමතිලකද සිල්වා)

මුදලට යට නොවූ,මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ සේවය තවදුරටත් අවැසි බව පවසමින් පැවැත්වූ දෑවැන්ත උද්ඝෝෂණයක් අද (21) කරාපිටියේදී පැවැත්විණි.

ප්‍රදේශවාසීන්,සිවිල් සංවිධාන වල නියෝජිතයින්,රෝහල් කාර්ය මණ්ඩලය,ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව,මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා සුවපත් වූ රෝගීන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ සඳහා එක්ව සිටියහ.

තමන්ට ඇතිවී ඇති තත්ත්වය හේතුවෙන් කලකිරීමට පත් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝග සම්බන්ධ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා නියමිත කාලයට පෙර විශ්‍රාම යෑම සඳහා පූර්ව විශ්‍රාමික නිවාඩු අනුමැතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වන විට ලිපියක් ඉදිරිපත් කර තිබේ.