(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ දමන බවත් නව මිල ලබන සතියේ සිට කිරිපිටි පැකට්ටුවේ මුද්‍රණ කිරීම ආරම්භ කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා අද (14) පැවසීය.
කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 30 කින් සහ කිලෝග්‍රෑම් එක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75 කින් ඉහළ දමන බව කී බණ්ඩාර මහතා මෙම මිල ඉහළ දැමීමට එකම හේතුව ‘වැට්’ බද්ද ඉහළ දැමීම බව ද සඳහන් කළේය.
රුපියල් 1,080 ක්ව පැවැති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල මෙම මිල ඉහළ දැමීමත් සමඟ රුපියල් 1,110 ක් බවට පත්වන බවත් කිලෝ එක කිරිපිටි පැකට් මේ වන විට වෙළෛඳපොලේ නොමැති බවත් අශෝක බණ්ඩාර මහතා වැඩි දුරටත් කීය.