(සුජිත් හේවාජුලිගේ )
ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කෙරුණු මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නැති බවත් ඒ හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබමින් කිරිපිටි අලෙවි කර ඇති බවත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මෙම තොරතුරු අනාවරණය වූයේ භාණ්ඩාගාරයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරියකු පැවසුවේ මිල සූත්‍රයක් සෑදුවද භාණ්ඩාගාරයෙන් ඊට අනුමැතිය නොලැබුණු බවයි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙහිදී පැවසුවේ කිරිපිටි සඳහා මිල සූත්‍රය 2018 වර්ෂයේදී සකස් කළේ තමා බවයි.
කිරිපිටිකාරයන්ට යට වෙලා තියෙනවා කියන එක අහන්න දෙයක් නෑනේ යැයිද හර්ෂද සිල්වා මහතා කීවේය.
වෙළඳ අමාත්‍යාංශය ලියවිල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඉතිහාසය පවා නොදන්නා බවත් මෙම ලියවිල්ල අනුමත කළ නොහැකි බවත් සභාපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
295
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කිරිපිටි මිල තීරණය කරන මිල සුත්‍රය 2019 සිට භාවිත කර නෑ‘