(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ආනයන අපනයන නීති නොසලකා හරිමින් නීති විරෝධී ආකාරයට සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝ ග්‍රෑම් එක් ලක්ෂ පනස් තුන් දහස් තුන්සිය හැත්තෑ පහක්  අඩංගු 40 බහාලුම් 6ක් නවසීලන්තයේ සිට මැලේසියාව හරහා කොළඹ වරායට පසුගිය ඔක්තෝබර් මස විසි වෙනිදා ගෙනැවිත්  ඇතැයි තොරතුරු අනාවරණයවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (29) පැවසීය.

මෙම  කිරිපිටි තොගය නිදහස් කරගැනීමට ආනයන පාලක වෙත අයදුම්පත්‍රය යොමු කර ඇත්තේ එම තොගය කොළඹ වරායට රැගෙන ඒමෙන් පසුව බව  පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා  වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය මත ආනයන අපනයන පාලක ජනරාල්ගේ බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකා රේගුවෙන් මෙම කිරිපිටි නිදහස් කර ගැනීමට හැකියාව ලබාදී ඇතැයිද   සඳහන් කළේය.

එසේම කිරිපිටි ආනයනය සීමා කර නොමැති බැවින්  වෙළෙඳපොළ තුළ කිසිසේත්ම කිරිපිටි හිඟයක් ඇති වීමේ අවදානමක් නැතැයිද  ඔහු පැවසුවේය.