
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කිරිපිටි ආනයනය නතර නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.
මේ රටේ කිරිවලින් සියයට හැටක් ආනයනය කරන බවත් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කිරි ගොවි සම්මේලනයේදී පැවසුවේ නිෂ්පාදනය වැඩි කළහොත් ආනයනය අඩු කළ හැකි බව මිස වෙන දෙයක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඩී.බී හේරත් රාජ්‍ය අමාත්‍යවරයාට රුපියල් මිලියන දාහක් දුන් බව පැවසූ අලුත්ගමගේ මහතා ලබන අවුරුද්දේ සිට මේ රට හරි මගට ගැනීමට කටයුතු කරන බවද පැවසුවේය.
රටේ ජනතාවට ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවද රජයේ අනවශ්‍ය වියදම් පාලනයට පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මැති ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ජනාධිපති වරයා නැවැත්වූ බවත් අද සමහර ඇමතිවරුන් යන්නේ පාරෙ බස්වල බවත් ඔහු පැවසීය.
ආණ්ඩු දෙකේ වෙනස එය බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බැසිල් මහතාගේ කතා නිසා වෙළෙන්දන් දැනටම සමහර තැන්වල කිරිපිටි හංගලා. බැසිල් මහත්තයාගේ අයවැය කතාව වගේ සමහර කතාත් තේරුම් ගන්න අමාරුයි...
අපෝ ඔව්... මෙයා කොහේහරි තියෙන කුණු කිරිපිටි ටිකක් ගේන්න තමයි කොමිස් ගහන්නේ..