IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


කුරුඳුවත්තේ ආයතනයකින් රන් සහ මැණික් ඉස්සූ දෙකක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුරුඳුවත්ත ප්‍රධාන පෙළේ ආයතනයකට ඇතුළු වී රුපියල් කෝටි 16 කට ආසන්න වටිනා මැණික් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක් සොරාගත් එම ආයතනයේ හිටපු රියදුරකු සහ තවත් පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාෂය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ සොරාගත් විවිධ වර්ගවලින් යුත් මැණික් ගල් 16 ක් හොරයින් මත්කුඩු ග්‍රෑම් 10 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

චීනයේ කාන්තාවක සහ මෙරට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන මෙම ප්‍රධාන පෙළේ ආයතනයේ රියදුරකු ලෙස සේවය කර මීට මාස 6කට පමණ පෙර ඉවත් වූ පුද්ගලයා මෙම මහා පරිමාණ සොරකමේ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියයි.

මෙම සොරකමට පුද්ගලයන් 6 දෙනකු පැමිණ ඇති අතර මැණික් හා රත්තරන් තැන්පත් කර තිබූ සේප්පුව ඔවුන් විසින් රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

අදාල සොරකම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති සි ඩි වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය  පරීක්ෂණ පවත්වා ප්‍රධාන සැකකරු සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී සොරාගත් මැණික්වලින් ගල් දාසයක් සොයාගැනීමට හැකිවූ බවත් පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරුවන් ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සොරාගත් සේප්පුව ඌවපරණගම ප්‍රදේශය රැගෙන ගොස් ග්‍රයින්ඩරය කින් කපා එයි තිබූ රත්තරන් සහ මැණික් ගල් තොගය ලබාගත් බවට අනාවරණය වී ඇත.

 



අදහස් (0)

කුරුඳුවත්තේ ආයතනයකින් රන් සහ මැණික් ඉස්සූ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 385 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 841 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site