
(රෝෂන් තුෂාර)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සැකකරු නිසි සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගෙන දූෂණය නම් වරද සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේ ස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.
සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල විෂය සඳහා සම්මාන සාමාර්ථයක්ද නොමැතිව හමුදාවට බඳවා ගත් රාජපක්ෂ සැකකරුව හමුදාවේ හොඳම කැඩෙට් නිලධාරියා ට හිමි විය යුතු බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව සැකකරුට ලබා දී රජයට රුපියල් ලක්ෂ හැට දෙකක (රුපියල් 62 842 17.61) පාඩුවක් කර දූෂණ වරද සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
විමර්ශන ප්‍රගතිය අගෝස්තු 04 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd