(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ළමුන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර ඇති රිට් පෙත්සමක් ලබ ජුනි මස 27 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (06) දින නියම කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා ප්‍රකාශ කළේ මේ පිළිබඳව ලිපි ගොනු කිහිපයක් ගොනු කිරීමට කල් ලබා දෙන ලෙසය. ඒ අනුව අභියාචනාධිකරණය ඊට අවසර ලබාදුනි.

මෙම රිට් පෙත්සම ඩී. ඇම්. සමරකෝන් සහ සෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණී.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනුකරනු ලැබූ මෙම රිට් පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නිතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.