(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව කිරීමෙි වරම විපක්ෂයට ලැබුනොත් බය නැතිව ආණ්ඩුව අරගත යුතුයැයි ද බෙල්ල තියල කරන්න බැරි නම් දමල ගහල යා යුතු යැයිද ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද 6 පැවසීය.

ආණ්ඩුව ජනතාවට අප්පිරිය වෙලා නම් ජනතාව ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ජනතාව ආණ්ඩුව සහ ජනාධිපති එලවන්න පෙළගැසී සිටිනවා නම් විපක්ෂයට අනිවාර්යයෙන්ම ඒ වරම ලැබිය යුතු බව කී ෆොන්සේකා මහතා වරම ලැබුණොත් බහුතරය සුළුතරය ගැන කතා කර කර ඉන්නේ නැතිව විපක්ෂය වගකීම් බාරගත යුතු බව ෆොන්සේකා මහතා කීය.

විපක්ෂයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන් යැයි තමා හිතන්නේ නැතැයි ද ඊට 113 හම්බ වෙන්නේ නැතැයි ද ෆොන්සේකා මහතා පැවසීය.