(වසන්ත චන්ද්‍රපාල)
කිරින්ද මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලුණු කාන්තාව අම්පාර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබත් ඇයගේ තත්ත්වය බරපතල බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය.
කිරින්ද මුහුදේ රළ පාගමින් සිටියදී ඉරිදා (23) රළ පහරකට හසුව එකම පවුලේ හතරදෙනෙකු මුහුදට ගසාගෙන ගිය අතර ඉන් පියා සහ දියණියන් දෙදෙනා මිය ගියහ.මව අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවාය.
දියේ ගිලී බරපතල තත්වයේ පසු වූ කාන්තාවගේ මොළයට සහ පෙණහලුවලට හානි සිදුවී තිබෙන බවත් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව සියලුම පරීක්ෂණ කටයුතු කරමින් සිදු කරන බවත් අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් විජේනායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නුතනයේ, පටාචාරාව සිහිපත් කරන අසරණ මවට ධර්මයේ පිහිටෙන් මේ ශෝකාන්තය දරා ගැනීමේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...
ඔබට ඉක්මන් සුවය පතමි.
ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නුතනයේ, පටාචාරාව සිහිපත් කරන අසරණ මවට ධර්මයේ පිහිටෙන් මේ ශෝකාන්තය දරා ගැනීමේ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...
මිනිසුන්ට වැරදීම් සිදුවෙනවා. නමුත් මෙවැනි වැරදීම් කිසිලෙසකින්වත් නිවැරදි කර ගන්න බැහැ. මෙවැනි විපත් වලින් අපට ගත හැකි පාඩම නම් මෙවැනි අවදානම් සහගත ක්‍රියා වලින් හැකිතරම් ඈත්ව සිටීමයි. යහපත් පවුලක සියලු බලාපොරොත්තු සුනු විසිනු වී යාම ගැන කනගාටුවීම මිසක් වෙන කළහැකි අන් යමක් නැහැ.