(අංජුල මහික වීරරත්න)
මුලතිව් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ට කරුණු පැහැදිලි කිරීමෙි ලිපියක් යවා තිබෙි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පසුගිය ජූනි 08 වන දින පැවැති සාකච්ඡාවකදී ජනපති කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.
කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් ජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මඟින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් විසිරී ඇති බවත්, එබැවින් මෙම ඉඩම් බෙදාදීම නුසුදුසු බවත් එල්ලාවල මේධානන්ද හිමි දන්වා තිබිණි.
මේධානන්ද හිමියන් ගේ ලිපියට පිළිතුරු ලෙස ජනාධිපති ලේකම්වරයා දක්වා ඇත්තේ කුරුන්දි විහාරය, ශ්‍රී ලාංකික වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් බවත්, කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්ය.
උතුරු නැගෙනහිර පවතින ඉඩම් ගැටළුවලට විසඳුමක් වශයෙන් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂය වන විට වනාන්තර හා වනජීවී කලාප වශයෙන් පැවැති ඉඩම් ඒ ආකාරයෙන්ම ආරක්ෂා කිරීම බවත් ජනාධිපති ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිව්වට රටේ රැක ගතයුතු ස්ථාන වලට වඩා වැදගත් ඡන්ද නෙ. මේ ලොක්කා ආවොත් මෙවැනි කුණක් ඇදගන්නවම තමයි.
කියන්නේ එකක් කරන්නේ තව එකක්. මුලින්ම අරගල කරුවන්ට පහසු කම් දෙනවා කියල අනික් අතට එළව එලව ගැහුවා. මතකනේ
බෞද්ධයින් විරුද්ධ වූ නිසා නැවතුණා වෙන්න ඇති. රටෙන් 2/5 දෙමළුන්ට දෙන්න ගිය මිනිහාට කුරුන්දි ඉඩම් දීමත් කජ්ජක්ද?