(අංජුල මහික වීරරත්න)
පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 5000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කොට වාර්තා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
මුලතිව් කුරුන්දි විහාරයට අක්කර 3000ක භූමි ප්‍රමාණයක් ද ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 2000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා තිබෙි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් වලින් මේසා විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා විද්‍යා භූමි බව කියමින් ඉල්ලා සිටීමෙි පදනම කුමක්දැයි වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත නියෝග කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන කාලයේ පිහිටුවන ලද පුරාවිද්‍යා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් මෙම භූමි ප්‍රමාණය වෙන් කර ඇති අතර ඒ භූමි ප්‍රමාණය පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන්කළ යුතු බවට කාර්ය සාධක බලකාය මගින් නිගමනය කර තිබේ.
බෞද්ධ මුලස්ථානය ලෙස සැලකෙන අනුරාධපුර මහා විහාරයට හෝ ජල උද්‍යාන වැව් පොකුණු සහිත සුවිශේෂී ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සීගිරියටවත් නැති ඉඩම් ප්‍රමාණයක් මෙලෙස කුරුන්දි විහාරයට හා තිරියාය විහාරයට ඉල්ලා සිටින්නේ මන්දැයි විද්‍යානුකූල දත්ත ,සාක්ෂි සහිතව සොයා බැලීමට ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කරනු ඇත.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුන්දි ඉඩම් හබය විසඳන්න විශේෂඥ කමිටුවක්
mangala Thursday, 15 June 2023 07:19 PM
අර මහබැංකුව කැඩුව වෙලේ පත්කරපු කමිටුව වගේ එකක් වෙන්න ඇති. ඔබට ජනවරමක් නැහැ ඕවා කරන්න පිං ජනා....!
Bamunuarachchi Thursday, 15 June 2023 07:21 PM
කුරුන්දි විහාර හදන කාලේ දෙමල්ලු කොහේද හිටියේ...? මෙතන ප්‍රශ්නයක් නැහැ. කුරුන්දි විහාරය කරන කාලේ දෙමල්ලු හිටියේ නැහැ. එහෙනම් උඹලාට ඇති අයිතිය මොකක්ද?
Nilantha Friday, 16 June 2023 03:54 AM
කිව්වා නේද? ඉතිහාසය උගන්වනවා කියලා..., ඔන්න දැන් කමිටුවකින් දැනගන්න යනවා. නරියාටත්, GR වගේ උෂ්ණය ගහගෙන එන්න... තවදුරටත් යන්න බැහැ.. පින් රජෝ, මැතිවරණ තියන්න....
Balasuriya Friday, 16 June 2023 04:38 AM
කුරුන්දි විහාරයට අක්කර 285 වෙන් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලපු බවක් තමයි ජනාධිපතිවරයා සමග තිබුණු සාකච්ඡාවේදී දැක්කේ... මේ අක්කර 5000, 3000, 2000 කතාව කොහෙන්ද ආවේ?
jayasekara Friday, 16 June 2023 10:27 AM
ඔක්කොටම ඉස්සෙල්ලා බලන්න ජනපතිතුමනි ,උතුරු නැගෙනහිර බෞද්ධ විහාරයන්ට සහ ඒවා රකින ස්වාමීන් වහන්සේලා එල්ලා වහන හින්දු අන්තවාදීන්ගේ ක්‍රියාකලාප ගැන .ඊට පස්සේ ඉඩම් ගැන හොයන්න
Bamunuarachchi Friday, 16 June 2023 10:37 PM
උතුර නැගෙනහිර ඉන්න දෙමළුන්ට ලෝකෙට පෙන්නන්න ඉතිහාසයක් නැහැ. ඔවුන් අපේ ඉතිහාසය ඔවුන්ගේ කරගන්න හදනවා...