
(ඩයනා උදයංගනී)
මෙරට කළ යුතු පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර තිබෙන රැපිඩ් ඇන්ටිජන් නැමති පරීක්‍ෂණය ද ශ්‍රී ලංකාවේ ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසීය.
එම පරීක්‍ෂණය සඳහා පී.සී.ආර්. පරීක්‍ෂණයට මෙන් විශාල යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නොවන අතර විනාඩි 15කින් 20කින් පමණ පරීක්‍ෂණය සිදුකළ හැකි බව ද සඳහන් කළේය.
ඉතා ඉක්මනින් මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවත් එවිට සැකසහිත රෝගීන් කඩිනමින් හඹායාම කළ හැකි බවත් හෙතෙම කීවේය.
නමුත් විදේශයකින් අවශ්‍ය යන්ත්‍ර ගෙන්වා මෙම පරීක්‍ෂණ ආරම්භ කිරීමට, ක්‍රමවේදය අධ්‍යයනය කිරීමට මෙන්ම කාර්ය මණ්ඩල සූදානම් කිරීමට යම් කාලයක් ගතවන බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මිනුවන්ගොඩ කොවිඩ් රෝගීන් වාර්තා වන තෙක් ශ්‍රී ලංකාව තුළ සිදුකළේ දිනකට පී.සී.ආර්. පරීක්‍ෂණ 2000ක් පමණ වුවත් මේ වන විට එය දිනකට 9000ක් පමණ දක්වා වර්ධනය කර තිබනෙ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව අද වන විට රජයේ රෝහල් හා රෝහල්වලට අනුබද්ධ ආයතන තුළ දිනකට පරීක්‍ෂණ 6000ක් පමණත්, පෞද්ගලික රෝහල්වල 3000ක් පමණත් කළ හැකි බව ඔහු පැවසීය.
මේ වන විට රට තුළ පී.සී.ආර්. පරීක්‍ෂණ ලක්‍ෂ 4කට වඩා සිදුකර තිබෙන බව කී විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා දැනට ඇති තත්ත්වය අනුව පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා ධාරිතාව හා සමාන සාම්පල් ප්‍රමාණයක් ලැබෙන නිසා ප්‍රතිඵල නිකුත්වීමේ ප්‍රමාදයන් සිදුවිය හැකි බව ද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට හා සියලු ජනතාවට සෙත්වේවා! මේ වෛරසයෙන් අපේ රට මිදේවා. සැමට බුදු සරණයි! සියලු දෙවි පිහිට ලැබේවා!
ඒ ප්‍රමාණය හොදටම මදි, අඩුම ගානෙ දවසකට 50,000ක් 75,000ක් කරන්න ඕන. තමන්ට සැකනම් ඕන කෙනෙකුට ගිහින් කරන්න පුලුවන් වෙනවිදියට හැම ගම් 3, 4 කට සාම්පල් එකතුකරන මධ්‍යස්ථානයක් දාන්න ඕනෙ. නිරෝදායනය වෙන, ආර්ථික අපහසු අයට අයට වියලි ආහාර , බෙහෙත් නොමිලේ දෙන්නවත් ඕනෙ.
ඇත්තම කතාන්තාරේ මේකයි. මුල් රැල්ල ඉතා සාර්ථකව මැඩ පවත්වගත්ත එකට ගොඩක් හේතු තිබුණා. නමුත් ඊට පස්සේ කව්රුත් හිටියේ දැන් කොවිඩ් නැහැ කියලා. දැන් මාස්ක් දැම්මේ නැහැ කියල ජනතාවගේ පිට වරද පටවන ඉහලම තැන් වල ඉන්න දේශපාලකයෝ මාස්ක් නැතුව මිනිස්සු අතරේ ඉන්න පොටෝ , පහුගිය කාලේ ඒවා බැලුවොත් දකින්න පුළුවන්. ඉතින් මිනිස්සු අර ආදර්ශය ගත්තා. අනික මට පේන විදියට සෞඛ්‍ය අංශ අතරේ තියන කඹ ඇදීම සහ සන්නිවේදන දුර්වලතා . GMOA එක එකක් කියනවා , ඇමතිනිය තව එකක් කියනවා , වසංගත විද්‍යා අංශය තව එකක් කියනවා මෙහෙම වෙන්නේ ඇයි. දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුව නෙමි නෙව. පූර්ණ විධායක බලතල සහිත ජනපතිවරයෙක් ඉන්න රටක මෙහෙම වෙන්න බැහැ ඊයේ ලොකු සාකච්චාවක් තිබුන නෙව ඔය කව්රු කව්රුත් ඉන්න බලමු මොකද වෙන්නේ කියලා. අනිත් කාරණේ තමයි මේ RAPID ANTIGEN (ක්ෂණික ප්‍රතිදේහ ජනක ) පරීක්ෂණය මුලදී කරන්න යෝජනා උනාම කට්ටියක් ඕකට විරුද්ද උනා . මේක සාර්ථක පරීක්ෂණයක් ඔය දැන් ඩෙංගු වලට කරන්නේ . ප්‍රතිදේහ හැදෙන කම් දවස් ගණන් බලන් ඉන්න ඕන නැහැ