(රන්ජන් කස්තුරි)
ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ද රටපුරා රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්කරයි.
එම නිසා කොවිඩ් රෝගීන් පාලනයට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.
සෞඛ්‍ය ධාරිතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය දරාගත නොහැකි බව ද ලේකම්වරයා සඳහන් කරයි.
එම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නංවා ගැනීම, දැඩිසත්කාර එකකවල ඇඳන් ධාරිතාව සහ පහසුකම් ඉහළ නංවා ගැනීම, අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් ගබඩාවක් තහවුරු කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ ප්‍රමාණවත් ලෙස සැපයිම ආදි ක්‍රියාමාර්ග ගත යුතු බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෛනිකව ජීවිකාව කරගෙන යන මිනිස්සු, ලීසිං ගෙවාගන්න මහමග බිත්තර, කරවල, අල, ළුණු, පලතුරු විකුණන මිනිස්සු ආදී නානාප්‍රකාර අමාරුවෙන් ජීවත්වෙන මිනිස්සුන්ගේ ආර්ථික තත්වය ගැන හිතන එක හොද උනත් රට මේ යන විදිහට තවත් විවෘතව තියාගන්න බැහැ, සතියක් මිනිස්සු මොන කට්ටක් කාගෙන හරි ජීවත් වෙයි, රට මෙහෙම ඇරගෙන ඉදලා ඒ මිනිස්සුන්ගේ සහ රටේ පවුල් විනාශවෙන එකට වැඩිය රට වාහන එක හොඳ නැද්ද? සෞඛ්‍ය අංශ මේ තරම් දේවල් කියලත් ඒවා කණකට නොගෙන වැඩ කරන මේ රටේ පාලනය මොනවද මේ කරන විකාර වැඩ?
පාදෙනිය මහත්තයා දැක්කෙ නෑනෙ කාලෙකින්
එතකොටනේ ලොක්කා කිය කිය ඇවිදින්නේ අපි තමයි හොඳටම කළේ මම කරපු හැටි කියන්න කවුරුත් නැ කියාගෙන
ජනාධිපතිතුමනි, කරුණාකරලා රටේ ජනතාවට ආදරයක් තියෙනවා නම් රට වහන තීරණය දැන්ම ගන්න. පසුව වහලා වැඩක් නැහැ. ආර්ථිකය හදාගන්නත් රටේ මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනෑ...
අපි ඔක්සිජන් ගෙදර හදාගන්න ඕනෑද මහත්තයෝ..? ටිකක් පාදෙනිය මහත්තයාගෙන් අහලා කියන්න බැරිද..?
දොස්තර හරිත අලුත්ගේ කට කැඩෙනකම් කියලා තමයි ගිය අවුරුද්දේ මේ තත්වයෙන් මිදුණේ... දැන් කාලා වරෙල්ලා...
රට හෙණ පල්ලට අරන්ගිය කට්ටිය. පාදෙණියේ ගෙදර කෙනෙක් වෙන්නැති.