කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරයට අනාරක්ෂිත රටවල් ගොන්නට ශ්‍රී ලංකාව ද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට අයත් නොවන රටවල් කිහිපයක ලැයිස්තුවක් බ්‍රිතාන්‍ය පසුගිය සතියේදී ප්‍රසිද්ධියට පත්කළ අතර ශ්‍රී ලංකාව ඊටද ඇතුළත් නොවීය. ඒ අනුව නිදහස් කරන ලද රටවල සිට බ්‍රිතාන්‍යට පැමිණෙන සංචාරකයන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යටත් නොවන බව බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාලය සඳහන් කළේය.
බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබඳ කාර්යාලය ඉකුත්දා (4) යාවත්කාලීන කිරීම් කළ අතර ගෝලීය සංචාරක උපදෙස් මාලාවක් ද නිකුත් කළේය.
බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට සුදුසු සෞඛ්‍ය අවදානමක් නොමැති රටවල් ලැයිස්තුවක් එම කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි.
යුරෝපයේ, ඇමෙරිකානු කලාපයේ, ආසියා ශාන්තිකර කලාපයේ, අප්‍රිකානු සහ ඇන්ටාක්ටිකා කලාපයේ රටවල් ඊට අයත් විය. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, සිංගප්පූරුව, ප්‍රංශය , ග්‍රීසිය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල් බ්‍රිතාන්‍ය වැසියන්ට සංචාරයට ආරක්ෂිත රටවල් ගොන්නට ඇතුළත්ව ඇත.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍යයේ කුහකකම පෙන්වන්න මීටවඩා දර්ශකයක් ඕනෑද? එක කාලයක් මේ රට දෙකට කඩන්න උපරිමයෙන් නැටුවා. දැන් තොග ගණනේ කෝවිඩ් රෝගීන් මියයන රටවල් ආරක්ෂිත රටවල් කියලා නම්කරනවා. අනේ ගිහිල්ලා මැරෙන්න. අපි බලාගෙන ඉන්නම්... අපේ මෝඩ පාලකයෝ තවමත් ඉංග්‍රීසීන්ට වැඳපුදාගෙන ඉන්න එක කවදාවත් නවතයිද?
කොහොමත් බ්‍රිතාන්‍ය තවම අනාරක්ෂිත රටක් බැවින් එරට සංචාරකයින් මෙරටට පැමිණීම අවශ්‍ය නොවේ...
අපේ වීරයන්ට ස්තූති වේවා..!!! ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළා.
මම දැක්කා නුවර-කොළඹ, කෑගල්ල- කොළඹ පුද්ගලික බස්වල අර පරණ විදිහටම සෙනඟ... පටවලා.. මේවත් බලන්න ඕනේ. සමහරුන් මාස්ක් දාලත් නැහැ. එහෙම වුණොත් ඔක්කොම ආයෙත් අනතුරේ...
ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඔය සමහරක් ආරක්ෂිත යයි කියන රටවලට වඩා බොහෝ සෙයින් අඩුයි. මෙයින් පෙන්නුම් කරන්නේ තවමත් ඔවුන් අපට සලකන්නේ තුන්වෙනි ලෝකයේ නොදියුණු රටක් හැටියට බවයි.
මේහෙම කරන්නෙ බ්‍රිතාන්‍ය රජය ලංකාව අපහසුතාවයට පත්කිරීමට සහ තියෙන කුහක කමට. ශ්‍රි ලංකාවත් බ්‍රිතාන්‍ය සංචාරකයන්ට තහනම් කරන්න තියෙන්නෙ, ජපානය කරාවගේ.
ඕකෙන් පේනවා අපේ කට්ටිය කියන බයිලා අනෙක් රටවල් පිළිගන්නේ නැහැ කියලා.
තමන්ගේ රටේවත් හරියට පාලනයක් කරගන්න බැරි අය අපේ රටවල් පහතට දාන්න තමයි හදන්නේ... ඔය රටවලට වඩා අපේ රට මේ වෙද්දී ආරක්ෂිතයි. එන්න බැරිනම් අපිට මොකද?
කුහකකම...