
(අංජුල මහික වීරරත්න)
COVID - 19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධව සමාව අයැදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
COVID-19 හි සායනික කළමනාකරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාර්ගෝපදේශ වල සඳහන් පරිදි, වෛරසයට ගොදුරු වී මිය ගිය තැනැත්තන්ගේ මෘතදේහ බැහැර කිරීමේ ක්‍රම වේදය ලෙස ආදාහනය නිර්දේශ කරනු ලැබ තිබුණි.
ඒ අනුව COVID-19ට ගොදුරු වූ මුස්ලිම් ජාතික පුද්ගලයින් 276 දෙනෙකුගේ මෘත දේහ ආදාහනය කර ඇති අතර, පසුව 2021 පෙබරවාරි මාසයේදී එවැනි පුද්ගලයින් සඳහා දැඩි සීමාවන් සහිතව භුමදානය කිරීමට අවසර ලබා දී ඇත.
2021 ජූලි මාසයේදී ශ්‍රී ජයර්වධනපුර විශ්ව විද්‍යාලයේ සහාය ඇතිව එවකට ජලසම්පාදන අමාත්‍යාංශය විසින් ගංගා ජලය, රෝහල්වලින්, නිරෝධායන මධ්‍යස්ථාන වලින් හා වෙනත් විභව ක්ෂේත්‍රයන්ගෙන් බැහැර කරනු ලබන අපජලය ඇතුළත්ව කොළඹ මහනුවර ජලජ පරිසර වල SARS- CoV-2 වෛරසය හඳුනා ගනු ලැබීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කරන ලදී.
එම අධ්‍යයනය මඟින් මතුපිට ජලයෙහි කිසිදු වෛරසයක් නොමැති බව අනාවරණය වී තිබේ. 2024 මාර්තු මාසයේදී ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංර්වර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජල තාක්ෂණය සඳහා චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණ සහ ආර්දශන මධ්‍යස්ථානය විසින් දෙවන අධ්‍යයනයක් ද සම්පූණ කරනු ලැබ ඇති අතර, එමඟින් SARS-CoV-2 වෛරසය භූගත ජලය ඇතුළු ජල මූලාශ්‍ර වෙත සම්ප්‍රේෂණය වීමේ මූලික ප්‍රභවය මළ හා මුත්‍රා මඟින් මිස ආරක්ෂිත භූමදානයන් මඟින් නොවන බවට තහවුරු වී ඇත.
ඒ අනුව, COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය හේතුවෙන් බලපෑමට ලක් වූ සමාජ කොටස්වලින් ශ්‍රී ලංකා රජය විසින් සමාව අයැදීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංර්වධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කටුසු නියායෙන් වැඩකරන, කපටි පිස්සො එක්ක රටකට හෙටක් තියෙනව නම් ලෝක පුදුමයක්. මේක තනිකරම මුස්ලිම් ඡන්ද ටික ගිලගන්ඩ කරන ප්‍රෝඩාවක්. මේ හාදයො හැමදාම කළේ මෙහෙම අමන වැඩ. සමාව ගන්නවනම් මේකද තියෙන එකම දේ.. මෙවුන්දල පැය 24ම සමාව ඉල්ලුවත්, ඉවරකරන්ඩ පුලුවන් විනාසයක් ද රටකට කරල තියෙන්නෙ.
ඊළඟට පෝලිමේ ඇත්තේ මැතිවරණ ප්‍රසාද දීමනාවක් ලෙස වන්දියකි
මුස්ලිම්වරුන් ජීවත්වන ගම්මාන යටි අරමුණු සහිතව වසා හිරකර හිරිහැර කලාට වන්දි ගෙවා සමාව ගත්තා නම් ඡන්ද වැඩි කරගන්න හැකියි.
සමාව ගන්නවා නම් එසේ කළ යුත්තේ මෙත්තිකා නෝනා මිසක් රජය නෙවෙයි. එකල පවතී රජයට මේ සම්බන්ධව උපදෙස් දුන්නී ඇය යි. එවැනි මැටි මෝල් තීරණ මගින් ගෝටා රජය අපකීර්තියට පත් කර ඉන් පසුව ඇය ම "ගෝටා ගෝ හෝම්" යනුවෙන් කල එලි බට බුරියානි මංගල්ලයට සහාය පල කළ අයුරු උත්ප්‍රාසජනක ය.
සමාව ඉල්ලන්න ඕනේ තීන්දු තීරණ ගත්තු ගෝඨාභය ජනාධිපති තුමා , එම කාලයේ ධූරය හොබවපු සෞඛ්‍ය ඇමතිවරු , නිලධාරීන් මිස සම්පුර්ණ රජය නොවේ , පුද්ගලිකවම ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් තියල පුද්ගලිකවම සමාවගන්න ඕනේ ,
රාජපක්ෂ යුගයේ සියළු තීන්දු තීරණ කනපිට ගසමින් රනිල් රාජපක්ෂ නටන්න හදන නාඩගම රටටම අනාවරණය කල යුතුය. මේ පහත් උත්සාහය මුස්ලිම් ජනතාවගේ චන්ද මල්ලට කෙළ හැලීමක් මිස අන් කවරක්වත් නොවේ.ඒදා ගෝඨා යුගයේ අන්තෝමතික සහ වර්ගවාදී තීරණ වලට නොපැකිලිව අත් එසවු පොහොට්ටු අමනයන් අද රනිල් රාජපක්ෂ ඒ තීන්දු තම දේශපාලන වාසිය උදෙසා ආපසු හරවන විට කිසිම හිරිකිතයක් නැතුවම නැවත අත් ඔසවමින් ඔල්වරසන් නගමින් සතුටුවෙයි. එදා පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැන දැන නිහඩ සිටිය හා ඉන්පසු ඤාණසාර පාතාලයට මුස්ලිම්වරු ගාතනය කරන්න හා ඔවුන්ගේ දේපල ගිනි තබන්නට ඉඩ දී බලා සිටිය යහපාලනයේ කප්පිත්තෝ ඒ පිළිබඳ මුස්ලිම් සමාජයෙන් සමාව නොඉල්ලා මුනිවත රකිමින් නිහඩව ඉන්නේ තම අවස්ථාවාදී දෙබිඩි පිලිවෙතේ හෙළුව රටට පෙනිවමින්ය.
ඒ කාලේ තීන්දු තීරණ ගත්තේ ඤාණක්කා තියන විධියට. රටේ මූලිකයා හිටියෙත් ඒ ගෑණිගේ රෙද්ද අස්සේ. ඊට පස්සේ කියනවා අපි තමයි හොදටම කලේ…. හෙහ්…. හේහ් කියලා. අන්තිමට යට ඇදුමත් දාලා දිව්වේ….
රටේ බහුතරයක් සහ ලෝකයේම සිටින විද්වතුන් වෙනත් මතයක සිටින විට , බයියන් පිනවීමට , ජාතින් භේද කිරීමට අන්තොමතික තීන්දු තීරණ ගත්තේ වෙන කල්ලියක් , සමාව ඉල්ලන්නේ රටේ සියලුම ජනතාව නියෝජනය වන ආණ්ඩුව , වැරදි කරපු මිනිස්සු අපේ මුදලින් පඩි සහ වරප්‍රසාද ලබමින් මන්දිර වල සුවෙන් ඉන්නවා , නිකමටවත් මාධ්‍ය ඉදිරියට ඇවිත් කරපු වරදට සමව ඉල්ලන්න ඔවුන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ , වරද සිදුවුණා කියල ආණ්ඩුව පිළිගන්නවානම් , වැරදි කරුවන්ට දඩුවම් කරන එක ආණ්ඩුවේ වගකීම ,
මේවා විද්‍යාත්මක දේවල්. ඇදහිලි , විශ්වාස , මිත්‍යාමත මත පදනම් වූ දේවල් නෙවෙයි. අවස්ථානුකූලව ගත් විද්‍යාත්මක ක්‍රමවේදයක්. සමාව ඉල්ලීම දේශපාලන නිවට ක්‍රියාවක්.
සමාව ඉල්ලන්න ඕනෑ ගෝටාභය ඒ කරපු විනාශය පල විපාක තමයි දැන් රටටත් එතුමාටත් රිටන් එක
තනිකර කලේ මුස්ලිම් ප්‍රජාවට රිදවන්න, ගවගාතනය තහනමත් ඒකට, හින්දු ඉන්දියාවෙ නැති, දැන් සාපිගෙ වඳ කිරීම ,මේ සිද්ධිය දෙකටම සමාව.හැබැයි අපිට නම් මේ දෙකම කලේ නුගත් සිංහල ඡන්ද ගරාගන්න බව පෙනුන.
හරි දේ කරලා ඇයි සමාව ගන්නේ?. වසංගත කාලවලදී ජනතාවගේ ආරක්ෂාව සඳහා කෙරෙන සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩ වලට ආගම ජාතිය අදාළ නැත.