IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා වයිරසය හේතුවෙන් සාගතයක් ඇතිවීමේ අවදානමන්

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොරෝනා වයිරස’ වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

මහ ව්‍යවසනයක් ඇති වීමට පෙර කඩිනම් පියවර ගත යුතු යැයි ද මෙම අනතුරු ඇඟවීම කරමින් ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බියස්ලි පැවැසීය.

මාස කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත ලෝකය ඈත අතීතයේ මුහුණ දුන් ආකාරයේ මහ විපත්තියකට මුහුණ දීමේ අවදානමක් ඇතැයි ද එබැවින් ඉක්මන් පියවර ගත යුතු යැයි ද මෙම අනතුරු ඇඟවීම් කරමින් ජගත් සංවිධානය අවධාරණය කරයි.

දැනට කුසගින්නේ ඇතැයි ඇස්තමේන්තු කර ඇති මිලියන 135ක අධික ජනතාව කෙටි කාලයක් තුළ මිලියන 250ක් දක්වා වැඩි වනු ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් 30ක් පමණ පුළුල්ව පැතිරුණු සාගතයකට මුහුණ දෙනු ඇතැයි ද ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි. වැඩිම අවදානමක් ඇත්තේ යුද ගැටුම්, ආර්ථික අර්බුද සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති රටවල් 10කට යැයි ද ලෝක සෞඛ්‍ය ආහාර වැඩසටහන අවධාරණය කරයි.

ලෝක ආහාර වැඩසටහන වාර්ෂිකව නිකුත් කරන ‘ආහාර අර්බුද පිළිබඳ ගෝලීය වාර්තාව’ නිකුත් කරමින් මෙම අනතුරු ඇඟවීම් කර ඇත. යේමනය, කොංගෝ ජනරජය, ඇෆ්ගනිස්තානය, වෙනිසියුලාව, ඉතියෝපියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව, නයිජීරියාව සහ හයිටි වැඩිම අවදානමක් ඇති රටවල් ලෙස නම් කර ඇත.

දකුණු සුඩානයේ සමස්ත ජනගහනයෙන් සියයට 61 පසුගිය වසරේ ආහාර අර්බුදයකට මුහුණ දුන්නේ යැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ වාර්තා වේ දැක්වේ.

වසංගතයෙන් බලපෑම් එල්ල වීමටත් පෙර නැගෙනහිර අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ ඇතැම් ප්‍රදේශවලත් දරුණු ආහාර හිඟයක් නිර්මාණය වී ඇත. ඊට ප්‍රධාන හේතුව වූයේ නියඟයයි. පසුගිය කාලයේ ඇති වූ නියඟයත් පළඟැටි ගහනය වැඩි වීමත් එම ආහාර අර්බුදයට හේතු විය.

‘‘ලෝකය ඉතා ඉක්මනින් එමෙන්ම බුද්ධිමත්ව කටයුතු කළ යුතු’’ යැයි විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතමින් ඩේවිඩ් බියස්ලි පැවැසීය.

‘‘අතීතයේ ඇති වුණු ආකාරයේ මහා සාගත කිහිපයක්ම මාස කිහිපයක් තුළ ඇති වෙන්න පුළුවන්. ඇත්ත කතාව නම් අපිට වෙලාවක් නැහැ සූදානම් වෙන්න’’ යැයි ඔහු කීය.

‘‘අපේ විශේෂඥතාවත් හවුල්කාරීත්වයත් ප්‍රයෝජනවත් වේවි කියලා මම විශ්වාස කරනවා. ‘කොවිඩ්-19’ වසංගතය මානව සහ ආහාර අර්බුදයක් හා ව්‍යවසනයක් නොවෙන තැනට වගබලාගන්න අපට පුළුවන්. ඒ සඳහා අපේ කණ්ඩායම් සියල්ල එකතු කර අවශ්‍ය වැඩසටහන් සකස් කළ යුතු’’ යැයි ද ඔහු තවදුරටත් කීය.

මේ අතර ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බියස්ලිට ද කොරෝනා වයිරසය ආසාදනය වූ අතර ඔහු මේ වනවිට සුවය ලබා ඇත. ඔහු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හමුවේ අදහස් දැක්වූයේ එලෙස සුවය ලැබීමෙන් අනතුරුවය.

බී.බී.සී./රොයිටර්ස්

055



අදහස් (3)

කොරෝනා වයිරසය හේතුවෙන් සාගතයක් ඇතිවීමේ අවදානමන්

Aris Wednesday, 22 April 2020 03:54 PM

ගෝලීය වසංගතයක් නැතුවත් 1970 දශකයේ අපේ රටේ සාගතයක් තිබුනලු. ඒ නිසා ඉදිරි අනාගතයට මුහුණ දෙන්න දැන් ඉදලම සුදානම් වීම වඩාත් සුදුසුයි.

:       0       3

vidya Wednesday, 22 April 2020 06:17 PM

ඇරිස් , අපට බොහොම හොදට මතකයි පාන් පෝලිම් වල හිටිය, මාර්ග බාධක පොලු අස්සෙන් හාල් ගෙනිච්ච, වගා කෙරුව... කොළොඹ පැත්තේ විශාල ආහාර හිඟයක් තිබුණා. එතැනින් පටන් උණු විනාසය අපි ඔහේ දරා දගෙන ඉන්නවා. පාස්පෝර්ට් කීපයක් තියාගෙන, මුදල් වංචාකල , චෝදනා ලබපු පිරිසත් චන්දය ඉල්ලන්න ඉන්නවා. මේ දවස් වල ආධාර බෙදන්නට ගිහින්, නිලධාරීන්ට, පොලිස් නිලධාරීන්ට පහර දෙනවා. මොකක්ද අපිට වෙන්න යන්නේ..?. ජනාදිපතිතුමා, නැවත ගොවි හමුදාව වැනි රටට වටිනා වැඩ සටහනක් පටන් ගන්න. හැම ළමයෙක්ම, ජාති බේදයකින් තොරව අනිවාර්ය මාස 6ක් වත් මෙම සේවය කිරීම අනිවාර්ය කරන්න. නැතිනම් තරුණ අයාලේ යන ශ්‍රමය එම ළමයින්ටත් රටටත් වැඩක් නොවනු ඇත. මෙය තරුණ පුජකයන්ටත් අනිවාර්ය කල යුතුය. සමාජයේ එකිනෙකා සමග සහෝදරත්වයෙන් වැඩ කරන්න තරුණ කාලෙම කල යුතුය .

:       0       114

sunil perera Thursday, 23 April 2020 04:40 AM

ගෙවතු වගාව පමණක් නොවේ මේ රට තුල ක්‍රමවත්ව අත්‍යවශ්‍ය ආහාර මනා දැනුමකින් යුක්තව විද්‍යාත්මකව වාණිජ වශයෙන් මහා පරිමාණයෙන් දැන්ම ආරම්භ කලොත් අපිට විදේශ වෙලදපොලටත් යැවීමට හැකිවේවි. මේ අංශය කාර්මික කරණය කිරීම වැදගත් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31616 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14017 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site