IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කොරෝනා රෝගීන් සොයා යන ජංගම පී.සී.ආර්. රථ සේවයක්

(ටී.කේ.ජී. කපිල)

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් සොයා ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සදහා ජංගම රථ සේවයක් ක්‍රියාත්මක කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.


සෞඛ්‍ය සේවකයන් විසින් අවම පිරිවැයක් යටතේ සාමාන්‍ය ගිලන් රථ අවශ්‍ය පරිදි වෙනස්කම් වලට ලක් කිරීමෙන් අනතුරුව මෙම ජංගම පරීක්ෂණාගාර රථ සකස් කර ගෙන ඇති අතර මෙම රථ තුළ සිටින පරීක්ෂණ නිලධාරීන්ට දැඩි අපහසුතාවයකින් තොරව වැඩි පැය ගනනාවක් සිය රාජකාරිය ඉටු කළ හැකි බවද ඈපා මහතා සදහන් කළේය.

සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණ නිලධාරීවරයෙකු පැය 06 ක පමණ කාළයක් මෙම ආරක්ෂිත ඇදුම් පැළද රාජකාරියේ යෙදී සිටියදී විඩාවට පත් වන නමුත්, මෙම රථය තුළදී එවැනි ඇදුම් එතරම් අවශ්‍ය නොවන බවත්, එම නිලධාරීන්ගේ දෑත් පමණක් එළියට නිරාවරණය වීම සිදුවන බවත්, ඒ සදහා විශේෂිත අත් වැසුම්, නිතර විශබීජහරණය කිරීමෙන් භාවිතා කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.



අදහස් (1)

කොරෝනා රෝගීන් සොයා යන ජංගම පී.සී.ආර්. රථ සේවයක්

kamal Wednesday, 04 November 2020 07:16 AM

ඔක්කොම මන්ත්‍රීලාගේ මහජන පැජරෝ ටික 69 ලක්ෂයක ආශීර්වාද මැද්දේ මේ වැඩේට යොදාගන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 102 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site