කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙක් සුවය ලබා අද(02) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 216 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1827කි.
අද සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් දෙදෙනෙක්, වැලිකන්ද මූලික රෝහලෙන් පුද්ගලයෙක්, මුල්ලේරියාව මූලික රෝහලෙන් පුද්ගලයෙක්, ඉරණවිල රෝහලෙන් සිව්දෙනෙක්, කාන්තන්කුඩි රෝහලෙන් පුද්ගලයෙක්, හම්බන්තොට මූලික රෝහලෙන් 61ක් සහ තෙල්දෙනිය රෝහලෙන් 9 දෙනෙක් ද සිටිති.
කෙසේවෙතත් අද වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2054ක් බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරියි...!!!
ඒ කියන්නේ රෝහල්වල තදබදය අඩුයි කියන එකනේ.. දැන්වත් මැදපෙරදිග හිරවෙලා ඉන්න අසරණයින් ටික රටට ගේන්න බැරිද?