හර්ෂණ තුෂාර සිල්වා
කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙළ අගය කළ යුතු යැයි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (16) ප්‍රකාශ කළහ.
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු සියලු අංශ සම්බන්ධීකරණය කිරීම සඳහා පත්කළ විශේෂ කාර්ය සාධක බලකාය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට උපරිමයෙන් සහාය දෙන බවත් කොළඹ අගරදගුරුතුමෝ කීහ.
කොළඹ අගරදගුරු මන්දිරයේ අද (16) පැවැති මාධ්‍ය හමුවේදී මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඒ බව සඳහන් කළහ.
238 කට කොරෝනා වයිරසයට ගොදුරු වී ඇති සහ තවත් දහස් ගණනක් කඳවුරුවල සිටින මේ මොහත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නැතැයි ද අගරදගුරුතුමෝ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළහ.
වයිරස ආසාදිතයන් හමු නොවන තත්ත්වයක් අඛණ්ඩව පැවැතියහොත් රට සාමාන්‍ය තත්ත්වයට පත්විය හැකි යැයි ප්‍රකාශ කළ නමුත් තවමත් අප මෙය පාලනය කර ගෙන නැතැයි ද අගරදගුරුතුමෝ පැවැසූහ.
එම නිසා ප්‍රමුඛතාව දිය යුත්තේ මැතිවරණවලට නොව මේ කඩුල්ල පැන ගැනීමට යැයි ද අගරදගුරුතුමෝ කීහ.
කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 60කට වැඩි වීමත් මරණ සංඛ්‍යාව 7ක් දක්වා අඩු වීමත් හොඳ තත්ත්වයක් බවද අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
කොරෝනා වයිරසය ආසාදනය වී එහෙත් රෝග ලක්ෂණ නැතැයි ඇතැම් අය සැඟවෙන බවත් ඇතැම් පිරිස් කොරෝනා ආසාදිත පිරිස් කොන් කරන බවත් ඒ දෙකම නොකළ යුතු බවත් අගරදගුරුතුමෝ පැවැසූහ.
ජනතාව ආණ්ඩුව, සෞඛ්‍ය හා ආරක්ෂක ගෙන යන ක්‍රියාමාර්ගවලට උපරිම සහාය දිය යුතු බව ද අගරදගුරුතුමෝ කීහ.
අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන වේගයෙන් වැඩි වන බව කී අගරදගුරුතුමෝ ඒ සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් සිටිය යුතු යැයි අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
ආණ්ඩුව, සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් සැලකිල්ලට ගනිමින් ඉකුත් වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූ පිරිස් සිහි කරමින් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ වැඩසටහන අවලංගු කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
පූර්ව අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වූවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට හරි ආසයි ආණ්ඩුවේ හොඳ කියන්න. මෙයාට තේරෙන්නේ නැහැ තම පාස්කු ප්‍රහාරය ආණ්ඩුවේ වැඩක් කියල ඇමරිකාව එක්ක කරපු.... පව් කියලත් හිතෙනවා...
හලෝ ජයකාන්ත, තමුන්ගේ ඉරිසියාව, කුහක කම, මෝඩකම ප්‍රදර්ශනය නොකර තමාගේ මොලය දියුණු කරගන්න උත්සාහ කරනවා. අගරදතුමන් වැනි රටට ආදරයක් තියෙන කෙලින් කතා කරන උත්තමයන්ට අපහාස කිරීමෙන් තමන් මහා පවක් රැස් කරගෙන මේ ආත්මයේම විදවන්නට සිද්ධ වෙන බව දැනගත්තොත් හොඳයි.
ජයකාන්ත ඔයාට කොරෝනා කාලෙ හැදිලා තියෙන්නේ විකාර ...
ජයකාන්ත ඉන්න තැනකින් එලියට එමුද? කවුද කියල බලාගන්න. කාදිනල් තුමාට අපහාස කරන්න ඔයා කවුද?
කාදිනල්තුමාටත් යම් දේශපාලන මතයක් ඇති. නමුත් උන්වහන්සේ ආණ්ඩුවට පක්ෂග්රාහී වීමක් කොතනද මේ ලිපියේ කියවෙන්නේ? වෙලා තියෙන්නේ ආගමික හෝ දේශපාලනික උන්මත්තකයෙක් ජයකාන්ත කියලා බොරු සිංහල නමකින් බහුතරයක් ගරු කරන කෙලින් වැඩ කරන මිනිහෙක්ට ගරහනවා.