
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයකු මහරගම අපේක්ෂා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.
මෙම රෝගියා මියයාමෙන් පසු සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු කොවිඩ්-19 ආසාදිතයකු වශයෙන් හඳුනාගෙන ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලියුකේමියා රෝගී තත්වය උත්සන්න වීම සහ ස්වසන පද්ධතියේ ඇති වූ සංකූලතාවකි.
මෙම මරණය කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 46 වැනි කොවිඩ්-19 ආසාදිත රෝගියකුගේ මරණයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙස්පෙක්ට් සර් ... තවටිකක් ඉන්දියාවෙන් ගේමුද?