
(නිමන්ති රණසිංහ)
ජුනි මාසයේදී කොරෝනා මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් සෙවීම සදහා විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ගෙවුණු මාසයේ කොවිඞ් මරණ වැඩිවීම බ්‍රිතාන්‍ය ඇල්ෆා කොවිඞ් ප‍්‍රභේදය මෙරට තුළින් හමුවීම ද එක් හේතුවක් වන බව ද ඔහු සදහන් කළේය.
රජය මෙතෙක් නිවේදනය කළ කොරෝනා මරණ අතරින් ඉකුත් ජුනි මාසයේදී පමණක් 1500 දෙනකුට අධික පිරිසක් මියගොස් ඇතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
අප්‍රේල් මාසයේදී කොවිඞ් මරණ 110ක් වාර්තා වූ අතර මැයි මාසයේදී එම ගණන 806ක් වූ බව ද එම මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව, ඉකුත් මාස තුන සසදා බැලීමේදී ජුනි මාසයේ පමණක් කොවිඞ් මරණ සීග‍්‍රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් වන සුවිශේෂී හේතු සෙවීම ස`දහා මෙම විශේෂඥ කමිටුව පත්කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රකාශ කළේය.
මේ වන විට මෙරට තුළ වඩාත් වේගයෙන් පැතිරෙන ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ද ආසාදිත වූවන් වාර්තා වී ඇති බවත්, ඉදිරියේදී ජනතාව වැඩි ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මේ අතර නිවෙස් තුළ මියයන පුද්ගලයින්ගේ ඥාතියකු හෝ අසල්වැසියකු කොවිඞ් ආසාදිතයකු නොව්නම්, නිරෝධායන නිවෙසක් නොවේ නම් හෝ හුදෙකලා කර ඇති ප‍්‍රදේශයක් නොවේ නම්, එම මරණ කොවිඞ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන්ට මුදා හැරීමට අවසර ලබාදී ඇතැයි ඔහු සදහන් කළේය.
කෙසේ වෙතත් එසේ මුදා හරින මරණ පැය 24ක් තුළ අවසන් කටයුතු කළ යුතුව ඇති අතර එම මෘත ශරීර එම්බාම් නොකළ යුතු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂඥ කමිටු ඕනෑ නැහැ. සිහි බුද්ධියෙන් සිටින ඕන කුඩාදරුවෙකුට වුණත් වැටහෙනවා. මරණ සංඛ්‍යාව අඩුකරගෙන මේ රෝගයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නට නම්, අඩුම වශයෙන් සති 3ක් වත් මේ රට " සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් " කළ යුතුමයි...!!! කියලා. ඔය ආණ්ඩුවට මුට්ටි අල්ලන විශේෂඥයින් කියා හඳුන්වාගන්න පට්ට මෝඩ අවස්ථාවාදීන්ගෙන් ලැබෙන "ගොන්" උපදෙස් වලින් මේ වසංගතය මැඩලීමට කිසිලෙසකින්වත් නොහැක. උගත්, බුද්ධිමත්, අවංක, කිසිකෙනෙකුට නොනැමෙන, තමන් උගත් ශිල්පයෙහි පරතෙරටම ගොස් සිටින විද්‍යාඥයින්, විශේෂඥයින් ඕනෑතරම් අපේ රටේ සිටිනවා. නමුත් ඔවුන් කැමති නැහැ.. නූගත්, මෝඩ, අනුවණ, මිනීමරු පාලකයින් කියන කියන දේවල් අහන්න. ඔවුන් ලෙඩේ ගැන දන්නවා. සුවකරන ක්‍රමයත් දන්නවා. නමුත් ආණ්ඩුව ඔවුන් කියන දේවල් අහන්නේ නැහැ. ඒ නිසා ඔවුන් තමන්ගේ අභිමානය රැකගෙන පැත්තකට වී සිටිනවා. කොරෝනා වලින් මියගිය දෙදහස් ගණනක අහිංසක ජීවිතවල වගකීමත් ආණ්ඩුව බාරගත යුතුයි. ආණ්ඩුවේ උද්දච්ච පිළිවෙත නිසයි.. ඔවුන් මියගියේ... මේවා මිනීමැරුම්, සිතාමතාම රට වැසියන් ඝාතනය කිරීමේ චෝදනා මේ රජයට එල්ල කළ හැකියි...
වයසට ගියාම, අසනීප වුණාම මිනිස්සු එදත් මැරුණා... හැබැයි බලෙන්ම කොරෝනා ලේබල් ගහන්නේ... දැන් කොරෝනා සැණකෙළියක් වෙලා සමහරුන්ට... ස්තුතියි..!!!
ගොඩක් හොඳයි සර්. ජූනියස් රිචඩ් දෙවැන්නා
කොරෝනා හැසිරෙන්නේ අප කිසිවෙකුගේ අභිමතයට නොවේ. රටවල් දිනපතා පාඩම් ඉගෙන ගන්නේ යථාර්ථයට මුහුණ දීමෙන් මිස එකිනෙකා සතුටු කිරීමෙන් නොවේ. ඩුබායිහි සිදුකරන ලද සයිනොෆාම් එන්නත ගැන පසු විපරම් පරීක්ෂණ වන සයිනොෆාම් කොපමණ ප්‍රතිදේහ නිපදවා ඇද්ද යනාදි කරුණු සලකන කල ,ශ්‍රී ලංකාව කරන ලද එන්නත් පසු විපරම් පරීක්ෂා ගැලපේද යන්න ඒත්තු යනු ඇත. දැනට සීෂෙල්ස්, බහරේන් , ඩුබායි හා මොන්ගෝලියා වැනි රටවල් ඉගෙනගත් පාඩම් මෙන්ම , වරෙක කොවිඩ් මරණ වැඩිම රට වී තිබූ මුත් මිලියනයකට මරණ 4 ක්වී ඇමරිකාව ලද ප්‍රගතියද සාමාලෝචනය කල යුතුය. මේ ආකාරයට රට වසා දැමීම නොකොට බෝවීම අවම කරන එන්නතක් දීම වැදගත් වේ.
හේතු හොයන්න අමුතුවෙන් කමිටු වොනවටද? තාමත් මිනිසුන්ට එන්නත සාධාරණ ලෙස පිළිවෙලකට දී ගන්න බැරි වෙලා.
මේවට කොහෙන් හිනාවෙන්නද?සෞඛ්‍ය අමාත්‍යංශයටත් ගිය කාලයක්