(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 47 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කරයි.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1789 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 17 සිට ජූනි 6 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 21ක් සහ පිරිමි අය 26 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් නව දෙනකු නිවසේදී මියගොස් ඇති අතර තිදෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
ඇල්පිටිය, වතුගහමුල්ල, දංකොටුව, මාරවිල, වලපනේ, දැඩිගමුව, වත්තල, මාතර, හැටන්,ගලගෙදර, වැල්ලම්පිටිය, ඌරගහ, හොරණ, ගෝනපොල උතුර, පරගස්තොට, ගෝනපොල, දෙහිවල, කොළඹ 9, තලවකැලේ, නුවරඑළිය, ත්‍රිකුණාමලය, අලව්ව, මීගමුව, ගාල්ල, කළුතර, දර්ගා නගරය, නාත්තන්ඩිය, අංගොඩ, වලහාපිටිය, හඹුරුගල, මොරොන්තුඩුව, පානදුර, මාහෝ, ඉබ්බාගමුව, පොල්ගහවෙල, මහනුවර, බුලත්සිංහල, අකුරණ, දෙහිඅත්තකණ්ඩිය, පූගොඩ, දොම්පේ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ මරණවලට හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනා මරණ තවත් 47 වාර්තා වෙයි