IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා මඩින්න අක්මීමන සභාවෙන් ලක්ෂ 20ක්

 (ජේ.කේ.එල් චාමින්ද)

අක්මීමන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල  කොරෝනා වසංගතය මැඩ පැවැත්විම සදහා  රුපියල් ලක්ෂ 20ක මුදලක් අද (26) පැවති ප්‍රාදේශිය සභා විශේෂ රැස්විමේ දි අනුමත කළ බව අක්මිමන ප්‍රාදේශිය සභාවේ සභාපති සේන කළහෙවත්ත මහතා පවසයි.
 
කොරෝනා වසංගත තත්වය පිළිබද සාකච්ඡා කිරිම සදහා අද විශේෂ ප්‍රදේශිය සභා රැස්විමක් ප්‍රාදේශිය සභා    ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

ඉදිරියේ පවතින තත්වය සැලකිල්ලට ගෙන සභා අරමුදලේ ඇති  ඕනැම මුදලක්  ලබා ගැනිම සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය හිමිවු බවද ප්‍රාදේශිය සභා සභාපතිවරයා සදහන් කළේය. 

මේ සදහා ප්‍රාදේශිය  සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කළ බවද  සභාපතිවරයා පවසයි.
 
එහිදි සභාපතිවරයා මෙසේ පැවසිය.

'ඉදිරියේ දි සහන මිලට වියලි  ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබාදිමට සැලසුම් කර තියෙනවා. මිට අමතරව  ප්‍රාදේශිය සභාව මගින් අක්මිමන මැලිබන් රෝහල විෂබිජහරණයට ලක්කිරිමට කටයුතු කළා. බල ප්‍රදේශයේ සියලු රාජ්‍ය ආයතන විෂබිජහරණය කළා . අක්මිමන  පොලිසියේ   රිමානඩ් සිරමැදිරිය පවා සේදිමට කටයුතු කළා.'
 



අදහස් (0)

කොරෝනා මඩින්න අක්මීමන සභාවෙන් ලක්ෂ 20ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site